ජෝබ් 2:7-8
ජෝබ් 2:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට සාතන් ස්වාමින්වහන්සේ අබියසින් ඉවත් ව ගොස්, යෝබ්ගේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා ගත පුරා වේදනාකාරී තුවාල හටගන්වමින් ඔහුට පීඩා කළේ ය. යෝබ් අළු ගොඩේ හිඳගෙන, තම ඇඟ කසා ගැනීමට බිඳුණු වළං කැබැල්ලක් ගත්තේ ය.
බෙදාගන්න
ජෝබ් 2 කියවන්නජෝබ් 2:7-8 Sinhala Revised Old Version (SROV)
සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය. ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය.
බෙදාගන්න
ජෝබ් 2 කියවන්නජෝබ් 2:7-8 Sinhala New Revised Version (NRSV)
සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය. ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය.
බෙදාගන්න
ජෝබ් 2 කියවන්න