ජෝබ් 19:23-29 - Compare All Versions
ජෝබ් 19:23-29 SROV (Sinhala Revised Old Version)
අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්, යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද! එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි. මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි. මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ. කාරණාවේ මුල මා තුළ සම්බවූ හෙයින්, අපි ඔහුට කෙසේ පීඩාකරමෝදැයි නුඹලා කියන්නහු නම්, කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව නුඹලා දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.
ජෝබ් 19:23-29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“අහෝ මගේ වචන ලියනු ලැබුවහොත් යහපත; ඒවා ඇකුළුම් පොතක ලියා තබන්නේ නම්; යකඩ කූරකින් සහ ඊයම්වලින් ඒවා පර්වතයක සදහට ම කොටා තබන්නට ඇත්නම් කොපමණ හොඳ ද! මගේ මිදුම්කරුවාණන් ජීවත් වන වග ද අන්තිමේදී උන්වහන්සේ පොළොව මත නැගී සිටිනා වග ද මම දනිමි; මගේ මේ හම විනාශ වී ගිය පසුව වුව ද මගේ මාංසයෙන් යුතු ව මම දෙවියන්වහන්සේ දකින්නෙමි. මේ මම උන්වහන්සේ දකින්නෙමි; මගේ ම දෑසින්-අනෙකකු නො ව මේ මම උන්වහන්සේ දකින්නෙමි. ඒ පිණිස මගේ හදවත මා තුළ කොතරම් ලොල් වේ ද! “ ‘ඔහුගේ විපත්තියේ මුල, ඔහු වෙත ම වන බැවින් අපි කෙලෙස ඔහු ලුහුබඳින්නෙමු දැ’ යි නුඹලා කියනවා නම්; නුඹලා කඩුවට භය විය යුතු ව ඇත; උදහස විසින් දඬුවම ගෙනෙන්නේ කඩුවෙනි; විනිශ්චයක් ඇති වග එවිට නුඹලා දැනගනු ඇත.”
ජෝබ් 19:23-29 NRSV (Sinhala New Revised Version)
“අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්! යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය: එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි. කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි. මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි. මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්, කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”
ජෝබ් 19:23-29 SNRV (Sinhala New Revised Version 2018)

ජෝබ් 19:23-29 NIV (New International Version)
“Oh, that my words were recorded, that they were written on a scroll, that they were inscribed with an iron tool on lead, or engraved in rock forever! I know that my redeemer lives, and that in the end he will stand on the earth. And after my skin has been destroyed, yet in my flesh I will see God; I myself will see him with my own eyes—I, and not another. How my heart yearns within me! “If you say, ‘How we will hound him, since the root of the trouble lies in him,’ you should fear the sword yourselves; for wrath will bring punishment by the sword, and then you will know that there is judgment.”