ජෝබ් 19:1-29
ජෝබ් 19:1-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “තව කොතෙක් දුරට වචනවලින් නුඹලා මට වධ දෙමින්, මා කුඩු-පට්ටම් කර දමනවා ද? මේ නුඹලා මට අවලාද නගන දස වන වතාවයි; මට පහර ගසන්නට ලජ්ජා නැති ද? මා මුළාව ගිය වග ඇත්තට ම වූවා වුව ද, මගේ වරදේ වගකීම තනිකර මගේ ය. සැබවින් ම නුඹලා මට ඉහළින් නුඹලා ම උසස් කර ගත්තත්, මගේ නින්දාව මට එරෙහිව යොදාගත්තත්, දැනගන්න! මට වරද කර ඇත්තේ දෙවියන්වහන්සේයි; තමන් දැල මා වට කොට එළා ඇත්තේ උන්වහන්සේයි. “ ‘මෙන්න! මට පහර දෙනෝ!’ ” යි මා මොර හඬ නැගුව ද, මට උත්තර නො ලැබේ; මා උදවු ඉල්ලා කෑ ගැසුව ද, මට යුක්තිය ඉටු නො වේ. මට යා නො හැකි වන සේ උන්වහන්සේ මගේ මග අහුරා ඇත; මගේ මාවත් අන්ධකාරයෙන් වසා ඇත. උන්වහන්සේ මගේ ගෞරවය මගෙන් ගලවා දමා, මගේ හිසේ වූ ඔටුන්න ද ඉවත් කර ඇත. මා නැති වී යන තෙක් උන්වහන්සේ හැම අතින් මා කුඩු-පට්ටම් කර, මගේ බලාපොරොත්තු ගහක් මෙන් උදුරා දමන සේක. උන්වහන්සේගේ කෝපය මට එරෙහිව ඇවිළේ; උන්වහන්සේ මා සලකන්නේ තම සතුරකු ලෙසිනි. උන්වහන්සේගේ භට පිරිස් මහ සේනාවක් ව අවුත්, මට එරෙහිව පවුරු ගොඩැල්ලක් ගොඩ නගා, මගේ කූඩාරම වට කොට කඳවුරු බැඳ ගත්හ. “උන්වහන්සේ මගේ සහෝදරයින් මවෙතින් දුරු කර, මා දන්නා හඳුනන්නන් මුළුමනින් ම මා හා භේද කර ඇත. මගේ නෑයින් ඉවත් ව ගොසිනි; මගේ මිත්‍රයින්ට මා අමතක ව ගොසිනි. මගේ ගෙදර සිටින ආගන්තුකයින් හා මගේ සේවිකාවන් මා ගණන් ගන්නේ පිටස්තරයකු සේ ය. ඔවුන් මා දිහා බලන්නේ විදෙස්සකු දෙස බලන අයුරිනි. මගේ සේවකයාට මම හඬ ගසමි; එහෙත් ඔහු මට උත්තර දෙන්නේ නැත; මගේ ම මුවින් මා ඔහුට කන්නලව් කළ යුතු ව තිබේ. මගේ හුස්ම, මගේ බිරිඳට අප්‍රිය ව තිබේ; මගේ ම සහෝදරයනට මා පිළිකුලක් ය. පොඩි ළමයින් පවා මට අවඥා කරති; මා නැගිටින්නට තැත් කරන කල ඔවුහු මට උසුළු විසුළු කරති. මගේ කුලුපඟ මිතුරු සියල්ලෝ තදින් ම මා පිළිකුල් කරති; මා ප්‍රේම කළෝ මට විරුද්ධ ව ඉවත හැරුණෝ ය. මගේ ඇටකටු හමට ඇලී ඇත; මම යාන්තමින් නො මැරී සිටිමි. “මට අනුකම්පා කරන්න; අනේ! මා මිතුරනි මට අනුකම්පා කරන්න; මන්ද දෙවියන්වහන්සේගේ හස්තය මට පහර දී ඇති බැවිනි. දෙවියන්වහන්සේ කරන්නා සේ, නුඹලාත් මා පසු පස හඹා එන්නේ මන්ද? මගේ මාංසයට නුඹලා වධ දුන්නා මදි ද? “අහෝ මගේ වචන ලියනු ලැබුවහොත් යහපත; ඒවා ඇකුළුම් පොතක ලියා තබන්නේ නම්; යකඩ කූරකින් සහ ඊයම්වලින් ඒවා පර්වතයක සදහට ම කොටා තබන්නට ඇත්නම් කොපමණ හොඳ ද! මගේ මිදුම්කරුවාණන් ජීවත් වන වග ද අන්තිමේදී උන්වහන්සේ පොළොව මත නැගී සිටිනා වග ද මම දනිමි; මගේ මේ හම විනාශ වී ගිය පසුව වුව ද මගේ මාංසයෙන් යුතු ව මම දෙවියන්වහන්සේ දකින්නෙමි. මේ මම උන්වහන්සේ දකින්නෙමි; මගේ ම දෑසින්-අනෙකකු නො ව මේ මම උන්වහන්සේ දකින්නෙමි. ඒ පිණිස මගේ හදවත මා තුළ කොතරම් ලොල් වේ ද! “ ‘ඔහුගේ විපත්තියේ මුල, ඔහු වෙත ම වන බැවින් අපි කෙලෙස ඔහු ලුහුබඳින්නෙමු දැ’ යි නුඹලා කියනවා නම්; නුඹලා කඩුවට භය විය යුතු ව ඇත; උදහස විසින් දඬුවම ගෙනෙන්නේ කඩුවෙනි; විනිශ්චයක් ඇති වග එවිට නුඹලා දැනගනු ඇත.”
ජෝබ් 19:1-29 Sinhala Revised Old Version (SROV)
එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ: නුඹලා කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද? දැන් දස වරක් නුඹලා මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය. මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය. නුඹලා සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න. ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න. මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත. මා පිටත නොයන හැටියට උන්වහන්සේ මාගේ පාර අහුරා, මාගේ මාවත්වල අන්ධකාරය තබා තිබේ. උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ. මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක. උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක. උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති. උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය. මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය. මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති. ඔවුන්ට මම විදේශියෙකු මෙන්ය. මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ. මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය. බාලයෝ පවා මා හෙළාදකිති; මා නැගිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති. මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති. මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය. අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ හස්තය මට පහරදුන්නේය. නුඹලා දෙවියන්වහන්සේ මෙන් මා පස්සේ එළවාගෙන එන්නෙත් මාගේ මාංසය කෑමෙන් තෘප්තියට නොපැමිණ සිටින්නෙත් මක්නිසාද? අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්, යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද! එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි. මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි. මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ. කාරණාවේ මුල මා තුළ සම්බවූ හෙයින්, අපි ඔහුට කෙසේ පීඩාකරමෝදැයි නුඹලා කියන්නහු නම්, කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව නුඹලා දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.
ජෝබ් 19:1-29 Sinhala New Revised Version (NRSV)
ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද? දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය. මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ. එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්, මම එකක් කියමි: මා වරදට පත් කෙළේ, දෙවිඳුන් බවත්, දැලක් දමා මා වටකර ඇත්තේ, එතුමන් බවත් දැනගන්න. මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත. පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත. මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත. එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත. මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත. එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත. මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත. ඔවුන් මාගේ කූඩාරම වටලාගෙන ඇත. එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත. මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති. මාගේ ඥාතීහු අහක් ව ගියහ. මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ. අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති. මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත. සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත. මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි. බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති. මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති. මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි. මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න; මට අනුකම්පා කරන්න. දෙවිඳාණෝ මට පහර දුන් සේක. දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද? මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද? “අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්! යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය: එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි. කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි. මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි. මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්, කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”
ජෝබ් 19:1-29 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 19:1-29 New International Version (NIV)
Then Job replied: “How long will you torment me and crush me with words? Ten times now you have reproached me; shamelessly you attack me. If it is true that I have gone astray, my error remains my concern alone. If indeed you would exalt yourselves above me and use my humiliation against me, then know that God has wronged me and drawn his net around me. “Though I cry, ‘Violence!’ I get no response; though I call for help, there is no justice. He has blocked my way so I cannot pass; he has shrouded my paths in darkness. He has stripped me of my honor and removed the crown from my head. He tears me down on every side till I am gone; he uproots my hope like a tree. His anger burns against me; he counts me among his enemies. His troops advance in force; they build a siege ramp against me and encamp around my tent. “He has alienated my family from me; my acquaintances are completely estranged from me. My relatives have gone away; my closest friends have forgotten me. My guests and my female servants count me a foreigner; they look on me as on a stranger. I summon my servant, but he does not answer, though I beg him with my own mouth. My breath is offensive to my wife; I am loathsome to my own family. Even the little boys scorn me; when I appear, they ridicule me. All my intimate friends detest me; those I love have turned against me. I am nothing but skin and bones; I have escaped only by the skin of my teeth. “Have pity on me, my friends, have pity, for the hand of God has struck me. Why do you pursue me as God does? Will you never get enough of my flesh? “Oh, that my words were recorded, that they were written on a scroll, that they were inscribed with an iron tool on lead, or engraved in rock forever! I know that my redeemer lives, and that in the end he will stand on the earth. And after my skin has been destroyed, yet in my flesh I will see God; I myself will see him with my own eyes—I, and not another. How my heart yearns within me! “If you say, ‘How we will hound him, since the root of the trouble lies in him,’ you should fear the sword yourselves; for wrath will bring punishment by the sword, and then you will know that there is judgment.”