ජෝබ් 1:9-20 - Compare All Versions
ජෝබ් 1:9-20 SROV (Sinhala Revised Old Version)
සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද? ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ. නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය. තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය. පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී, තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. එවිට යෝබ් නැගිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ
ජෝබ් 1:9-20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “යෝබ් දෙවියන්වහන්සේට භය පක්ෂපාත වන්නේ හේතුවක් නැතිව ද? ඔබවහන්සේ ඔහු වටාත්, ඔහුගේ ගෘහ වාසීන් හා ඔහු සන්තක සියල්ල වටාත් වැටක් බැඳ තිබෙනවා නො වේ ද? ඔහුගේ ගව හා එළු බැටළු රංචු දේශය පුරා පැතිරෙන ලෙසට ඔබවහන්සේ ඔහුට ආශිර්වාද කර ඇත. හොඳයි, ඔබේ අත දිගු කර ඔහු සතු හැම දේට පහර දී බලන්න; එවිට නිසැකයෙන් ම ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ, “ඔන්න, එහෙනම් ඔහු සතු හැම දෙයක් ම නුඹ අතෙයි; හැබැයි ඒ මිනිසාට නම් අත තියනවා හෙම නො වේ යැ” යි සාතන්ට පැවසූ සේක. ඉන්පසු සාතන් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පිටත් ව ගියේ ය. යෝබ්ගේ පුතුන් හා දූවරුන් තම වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටි දිනෙක, යෝබ් වෙත පණිවුඩකරුවෙක් පැමිණ, “ගවයින් හාමින් ද බූරුවන් ඒ අසල තණ කමින් ද සිටියදී, ෂෙබාවරු කඩා වැදී උන් පැහැරගෙන ගියෝ ය, සේවකයින්ට කඩු පහර දී, මරා දැමුවෝ ය. මේ වග ඔබට කියන්නට ඉතිරි වූයේ මා පමණකැ” යි කීවේ ය. ඔහු එසේ කියමින් සිටියදී ම මෙන්න! තවත් පණිවුඩකරුවෙක් එහි පැමිණ, “දෙවියන්වහන්සේගේ ගින්දර අහසින් අවුත්, බැටළුවන් ද සේවකයන් ද පිට පතිත වී, ඇවිළී ඔවුන් දවා දැමුවා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය. ඔහු එසේ පවසමින් සිටියදී ම එහි පැමිණි තවත් පණිවුඩකරුවෙක්, “ඔටුවන් පිටට කල්දිවරුන් කණ්ඩායම් තුනක් සැදී, කඩා වැදී, උන් පැහැරගෙන ගියා. සේවකයින් කඩු පහර කා මැරුණා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණකි” යි කීවේ ය. ඔහු එසේ කියමින් සිටියදී ම එහි පැමිණි වෙනත් පණිවුඩකරුවෙක්, “ඔබගේ පුතුන් හා දූවරුන් ඔවුන්ගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටියා; මෙන්න! එකපාරට ම කාන්තාරයේ සිට සැඩ සුළඟක් හමා, ගෙයි හතර පැත්තට ම පහර වැදුණා; එයින් ගෙය දූ පුතුන් මත කඩා වැටී ඔවුන් මැරුණා; ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය. එවිට යෝබ් නැගිට, තම හැඳිවත් ඉරාගෙන, හිස බූ ගා, බිම වැටී වැඳ
ජෝබ් 1:9-20 NRSV (Sinhala New Revised Version)
සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද? ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය. හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය. එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය. එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය: පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, “ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, “ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී, කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය
ජෝබ් 1:9-20 SNRV (Sinhala New Revised Version 2018)

ජෝබ් 1:9-20 NIV (New International Version)
“Does Job fear God for nothing?” Satan replied. “Have you not put a hedge around him and his household and everything he has? You have blessed the work of his hands, so that his flocks and herds are spread throughout the land. But now stretch out your hand and strike everything he has, and he will surely curse you to your face.” The LORD said to Satan, “Very well, then, everything he has is in your power, but on the man himself do not lay a finger.” Then Satan went out from the presence of the LORD. One day when Job’s sons and daughters were feasting and drinking wine at the oldest brother’s house, a messenger came to Job and said, “The oxen were plowing and the donkeys were grazing nearby, and the Sabeans attacked and made off with them. They put the servants to the sword, and I am the only one who has escaped to tell you!” While he was still speaking, another messenger came and said, “The fire of God fell from the heavens and burned up the sheep and the servants, and I am the only one who has escaped to tell you!” While he was still speaking, another messenger came and said, “The Chaldeans formed three raiding parties and swept down on your camels and made off with them. They put the servants to the sword, and I am the only one who has escaped to tell you!” While he was still speaking, yet another messenger came and said, “Your sons and daughters were feasting and drinking wine at the oldest brother’s house, when suddenly a mighty wind swept in from the desert and struck the four corners of the house. It collapsed on them and they are dead, and I am the only one who has escaped to tell you!” At this, Job got up and tore his robe and shaved his head. Then he fell to the ground in worship