ජෝබ් 1:1-5
ජෝබ් 1:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝබ් නම් වූ මිනිසෙක් ඌස් දේශයේ වාසය කළේ ය. ඔහු නිදොස්, අවංක මිනිසෙක් විය; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ ඔහු නපුරෙන් වැළකුණු කෙනෙකි. ඔහුට පුතුන් හත් දෙනෙක් ද දූවරුන් තුන් දෙනෙක් ද වූහ. තවද බැටළුවන් හත්දහසක් ද ඔටුවන් තුන්දහසක් ද හරක්-බාන් පන්සියයක් ද බූරු දෙනුන් පන්සියයක් ද අයිති ව සිටි ඔහුට දැසි දස්සෝ මහත් ගණනක් ද වූහ; නැගෙනහිර ජනයා අතර ශ්‍රේෂ්ඨතමයා වූයේ ඔහු ය. ඔහුගේ පුත්තු තමන්ගේ වාරයට අනුව තම නිවෙස්හි සාදයක් පැවැත්වීමටත්, තමන් සමඟ කෑමට-බීමට තම සහෝදරියන් තුන්දෙනාට ඇරියුම් කිරීමටත් පුරුදු ව සිටියහ. ඔවුන්ගේ සාද වටයක් නිම වූ කල යෝබ් ඔවුන් ගෙන්වා, ඔවුන් පවිත්‍ර කරවී ය. අරුණ උදයෙන් ම නැගිටින ඔහු, ඔවුන් එකිනෙකා උදෙසා දවන යාග පූජාවක් කරන්නේ, “ඇතැම් විට මගේ දරුවන් පව් කර, ඔවුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට ශාප කළා විය හැකි යැ” යි සිතමිනි. එසේ කිරීම යෝබ්ගේ සිරිතක් විය.
ජෝබ් 1:1-5 Sinhala Revised Old Version (SROV)
යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි. ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය. ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය. තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය. ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.
ජෝබ් 1:1-5 Sinhala New Revised Version (NRSV)
යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි. ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය. ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ. මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.
ජෝබ් 1:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 1:1-5 New International Version (NIV)
In the land of Uz there lived a man whose name was Job. This man was blameless and upright; he feared God and shunned evil. He had seven sons and three daughters, and he owned seven thousand sheep, three thousand camels, five hundred yoke of oxen and five hundred donkeys, and had a large number of servants. He was the greatest man among all the people of the East. His sons used to hold feasts in their homes on their birthdays, and they would invite their three sisters to eat and drink with them. When a period of feasting had run its course, Job would make arrangements for them to be purified. Early in the morning he would sacrifice a burnt offering for each of them, thinking, “Perhaps my children have sinned and cursed God in their hearts.” This was Job’s regular custom.