ජෝබ් 1:1-5

ජෝබ් 1:1-5 SROV

යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි. ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය. ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය. තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය. ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.

ජෝබ් 1 කියවන්න