ශු. යොහන් 3:1-10
ශු. යොහන් 3:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යුදෙව් පාලකයකු වූ නිකදේමුස් නම් පරිසිවර මනුෂ්‍යයෙක් සිටියේ ය; ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක. “මිනිසකු මහලු වූ පසු, යළි උපදින්නට පුළුවන් කොහොම ද? නැවත වරක් මවු කුසට ඇතුළු ව උපදින්නට ඔහුට පුළුවන් දැ” යි නිකදේමුස් උන්වහන්සේගෙන් ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි. මාංසයෙන් උපදින දේ මාංසිකයි; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මිකයි. ‘ඔබ නැවත උපදින්නට ඕනෑ’ යි මා කීවාට පුදුම නො වන්න. සුළඟ එය කැමති අත හමයි; එහි හඬ ඔබට ඇසෙයි; එහෙත් එය කොහි සිට එනවා ද? කොතැනක යනවාදැයි ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපැදුණු හැම කෙනකු ම අන්න ඒ වගේ යැ” යි කී සේක. “ඒක වෙන්නේ කොහොම දැ?” යි නිකදේමුස් ඇසුවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ගුරුවරයා ඔබයි; ඒත් ඔබට ඒවා වැටහෙන්නේ නැති ද?
ශු. යොහන් 3:1-10 Sinhala Revised Old Version (SROV)
යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය. හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය. මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක. නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද?
ශු. යොහන් 3:1-10 Sinhala New Revised Version (NRSV)
එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය. ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක. නිකොදේමුස්, කතා කරමින්, “මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය. කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය; ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක. “මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ගුරුවරයකු ව සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකි ද?
ශු. යොහන් 3:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. යොහන් 3:1-10 New International Version (NIV)
Now there was a Pharisee, a man named Nicodemus who was a member of the Jewish ruling council. He came to Jesus at night and said, “Rabbi, we know that you are a teacher who has come from God. For no one could perform the signs you are doing if God were not with him.” Jesus replied, “Very truly I tell you, no one can see the kingdom of God unless they are born again.” “How can someone be born when they are old?” Nicodemus asked. “Surely they cannot enter a second time into their mother’s womb to be born!” Jesus answered, “Very truly I tell you, no one can enter the kingdom of God unless they are born of water and the Spirit. Flesh gives birth to flesh, but the Spirit gives birth to spirit. You should not be surprised at my saying, ‘You must be born again.’ The wind blows wherever it pleases. You hear its sound, but you cannot tell where it comes from or where it is going. So it is with everyone born of the Spirit.” “How can this be?” Nicodemus asked. “You are Israel’s teacher,” said Jesus, “and do you not understand these things?