ශු. යොහන් 2:6-10

ශු. යොහන් 2:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පවිත්‍ර වීමේ යුදෙව් චාරිත්‍රය සඳහා ගන්නා ගැලුම් විස්සක් හෝ තිහක් බැගින් අල්ලන, ගල් ජල-භාජන හයක් ඒ ළඟ තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වා ම ඒවා ජලයෙන් පිරවූහ. “දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ කළහ. සංවිධායක, මිදි යුෂ බවට පත් වතුර රස බැලුවේ ය; වතුර අදින ලද සේවකයින් දැන සිටි නමුදු ඒවා කොතැනින් ලැබුණේදැයි ඔහු දැන සිටියේ නැත. එහෙයින් මනාලයා පසෙකට කැඳවූ ඔහු, “කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදි යුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.

ශු. යොහන් 2:6-10 Sinhala Revised Old Version (SROV)

යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක ඒකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය. භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය. උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය. මංගල්‍යයේ ප්‍රධානියා මුද්‍රිකපානයවූ වතුර රස බලා, ඒවා කොතැනින් වීදැයි වතුර ගෙනා මෙහෙකරුවන් දන්න නුමුත් ඔහු නොදැන, මනමාලයාට අඬගසා: කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. නුඹ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.

ශු. යොහන් 2:6-10 Sinhala New Revised Version (NRSV)

ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය. “දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු එය ගෙන ගියහ. සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය. එය කෙසේ ලැබිණි දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්, ඔහු නොදත්තේ ය. එබැවින් ඔහු මනාලයා කැඳවා, “හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.

ශු. යොහන් 2:6-10 Sinhala New Revised Version 2018 (SNRV)