ශු. යොහන් 19:1-6

ශු. යොහන් 19:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට පිලාත්, යේසුස්වහන්සේට කසයෙන් තැලෙව්වේ ය. හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිස මත තබා, දම් පැහැති ලෝගුවක් හඳවා, “යුදෙව් රජු දිනේවා!” යි කියමින්, උන්වහන්සේ වෙත පැමිණ, අත්වලින් උන්වහන්සේට පහර දුන්හ. යළි පිටතට පැමිණි පිලාත් යුදෙව්වන් අමතා, “මෙන්න, මොහු අත කිසි වරදක් මට නො පෙනෙන වග නුඹලා දැනගන්න පිණිස, මා දැන් ඔහු පිටතට ගෙනෙනවා” යි කීවේ ය. එවිට කටු ඔටුන්න හා දම් පැහැ ලෝගුව සහිත ව පිටතට ආ යේසුස්වහන්සේ පෙන් වූ පිලාත්, “මෙන්න, ඒ මනුෂ්‍යයා!” යි කීවේ ය. නායක පූජකයෝ හා ඔවුන්ගේ භටයෝ උන්වහන්සේ දුටු ඇසිල්ලේ, “ඔහු කුරුසියේ ඇණ ගසනු! කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ. පිලාත් ඔවුන් අමතා, “නුඹලා ම ඔහු ගෙන ගොස්, ඇණ ගසාපල්ලා. මොකද, ඔහු තුළ කිසි වරදක් මට හමු වුණේ නැතැ” යි කීවේ ය.

ශු. යොහන් 19:1-6 Sinhala Revised Old Version (SROV)

එවිට පිලාත් යේසුස්වහන්සේට තැළෙවුවේය. හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය. පිලාත් නැවත පිටතට ගොස්: මොහු අත කිසිවරදක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස, මෙන්න, මොහු නුඹලා ළඟට ගෙනෙමියි ඔවුන්ට කීවේය. එකල යේසුස්වහන්සේ කටු ඔටුන්නද රත්නිල් වස්ත්‍රයද ඇතුව පිටතට ආසේක. පිලාත්ද: මෙන්න, ඒ මනුෂ්‍යයා! කියා ඔවුන්ට කීවේය. එවිට නායක පූජකයෝද සේවකයෝද උන්වහන්සේ දුටු කල: කුරුසියෙහි ඇණගැසුව මැනව, ඇණගැසුව මැනව කියා මොරගැසුවෝය. පිලාත්ද: නුඹලාම මොහු රැගෙන ගොස් කුරුසියෙහි ඇණගසන්න. මක්නිසාද මොහු අත කිසි වරදක් ඇති බව මට නොපෙනේයයි කීවේය.

ශු. යොහන් 19:1-6 Sinhala New Revised Version (NRSV)

ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය. හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා, උන් වහන්සේ ළඟට පැමිණ, “ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ. යළිත් පිලාත් පිටතට ගොස්, “මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි”යි ඔවුන්ට කී ය. එවිට ජේසුස් වහන්සේ, කටු ඔටුන්න හිසේ දරා, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන, පිටතට ආ සේක. “මෙන්න, ඒ මනුෂ්‍යයා” යයි පිලාත් ඔවුන්ට කී ය. එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල, “කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්නැ”යි මොරගැසූ හ. පිලාත් කතා කරමින්, “ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න, මන්ද, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නම් නොපෙනේ ය”යි කී ය.

ශු. යොහන් 19:1-6 Sinhala New Revised Version 2018 (SNRV)