එවිට පිලාත් යේසුස්වහන්සේට තැළෙවුවේය. හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය. පිලාත් නැවත පිටතට ගොස්: මොහු අත කිසිවරදක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස, මෙන්න, මොහු නුඹලා ළඟට ගෙනෙමියි ඔවුන්ට කීවේය. එකල යේසුස්වහන්සේ කටු ඔටුන්නද රත්නිල් වස්ත්‍රයද ඇතුව පිටතට ආසේක. පිලාත්ද: මෙන්න, ඒ මනුෂ්‍යයා! කියා ඔවුන්ට කීවේය. එවිට නායක පූජකයෝද සේවකයෝද උන්වහන්සේ දුටු කල: කුරුසියෙහි ඇණගැසුව මැනව, ඇණගැසුව මැනව කියා මොරගැසුවෝය. පිලාත්ද: නුඹලාම මොහු රැගෙන ගොස් කුරුසියෙහි ඇණගසන්න. මක්නිසාද මොහු අත කිසි වරදක් ඇති බව මට නොපෙනේයයි කීවේය.
ශු. යොහන් 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ශු. යොහන් 19:1-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ