ශු. යොහන් 10:33 - Compare All Versions
ශු. යොහන් 10:33 SROV (Sinhala Revised Old Version)
යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය.
ශු. යොහන් 10:33 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යුදෙව්වරු පිළිතුරු දෙමින්, “අප ගල් ගසන්නට හදන්නේ කළ ඒ හොඳ වැඩ නිසා නො වෙයි. හුදු මිනිසකු වන ඔබ, දෙවියන්වහන්සේ යයි කියා ගන්නා දේවාපහාසයට යැ” යි කීහ.
ශු. යොහන් 10:33 NRSV (Sinhala New Revised Version)
ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
ශු. යොහන් 10:33 SNRV (Sinhala New Revised Version 2018)
ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
ශු. යොහන් 10:33 NIV (New International Version)
“We are not stoning you for any good work,” they replied, “but for blasphemy, because you, a mere man, claim to be God.”