ශු. යොහන් 10:14-27
ශු. යොහන් 10:14-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“යහපත් එඬේරා මමයි; මගේ ම උන් මම හඳුනමි; මගේ ම බැටළුවෝ ද මා හඳුනති. එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි. මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එක ම බැටළු රැළකි; එක ම එඬේරෙකි. පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින් ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි. කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේ ම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරි බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරි-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක. මේ වචන නිසා යළිත් යුදෙව්වරුන් අතර බෙදීමක් ඇති විය. ඔවුන් අතරින් බොහෝ දෙනෙක්, “ඔහුට යක්ෂාත්මයක් වැහිලා. ඔහුට පිස්සු; මොකට මේවා අහනවා දැ?” යි කීහ. සෙසු අය, “මේවා යක්ෂාවේශ කෙනකු කියන වචන නො වේ; අන්ධයින්ගේ ඇස් අරවන්නට යක්ෂාත්මයකට පුළුවන් දැ?” යි කීහ. ඒ, යෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යය පැවැත්වෙන කාලයයි; ඒ ශීත සෘතුව ය. යේසුස්වහන්සේ දේව මාලිගයේ සාලමොන්ගේ මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. එවිට යුදෙව්වරු උන්වහන්සේ වටකර ගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම් පැහැදිලි ව අපට කියන්නැ” යි කීහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ඔබට කීවා; එහෙත් ඔබ විශ්වාස කරන්නේ නෑ. මගේ පියාණන්ගේ නාමයෙන් මා කළ වැඩ, මා ගැන සාක්ෂි දරයි. එහෙත් ඔබ විශ්වාස නො කරන්නේ ඔබ මගේ රැළේ බැටළුවන් නො වන නිසයි. මගේ බැටළුවෝ මගේ කටහඬට සවන් දෙති; මම ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති.
ශු. යොහන් 10:14-27 Sinhala Revised Old Version (SROV)
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි. තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ. මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන්වහන්සේ මට ප්‍රේමකරනසේක. කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක. මේ වචන නිසා යුදෙව්වරුන් අතරේ නැවත භේදයක් හටගත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්: ඔහු යක්ෂාවේශව උමතුව සිටියි; ඔහුට ඇහුම්කන්දෙන්නේ මක්නිසාදැයි කීවෝය. අන් සමහරෙක්: මේවා යක්ෂාවේශවූ කෙනෙකුගේ කීම් නොවෙයි. අන්ධයන්ගේ ඇස් පහදන්ට යක්ෂයෙකුට පුළුවන්දැයි කීවෝය. කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය. ඒ කාලය ශීත සෘතුවය; යේසුස්වහන්සේ දේවමාළිගාවේ සාලමොන්ගේ ද්වාරමණ්ඩපයේ සක්මන්කරමින් සිටිසේක. එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට: ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද? ඔබ ක්‍රිස්තුස් නම් පැහැදිලිලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මම නුඹලාට කීමි, නුමුත් නුඹලා විශ්වාසකරන්නේ නැත. මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂිදෙති. නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.
ශු. යොහන් 10:14-27 Sinhala New Revised Version (NRSV)
“යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති. පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි. තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ. “මා පියාණන් මට ප්‍රේම කරන්නේ, මා නැවත ලබන පිණිස මාගේ දිවි පුදන බැවිනි. කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක. මේ වදන් නිසා ජුදෙව්වරුන් අතර නැවත භේදයක් හටගත්තේ ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, “ඔහුට දුෂ්ටාත්මයක් වැහී ඇත; සිහිවිකල වී ඇත; ඔහුට කන්දෙන්නේ කුමට දැ”යි කී හ. “මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීම් නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ”යි සෙසු අය කී හ. එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය. ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, “ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති. එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
ශු. යොහන් 10:14-27 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. යොහන් 10:14-27 New International Version (NIV)
“I am the good shepherd; I know my sheep and my sheep know me— just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. The reason my Father loves me is that I lay down my life—only to take it up again. No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.” The Jews who heard these words were again divided. Many of them said, “He is demon-possessed and raving mad. Why listen to him?” But others said, “These are not the sayings of a man possessed by a demon. Can a demon open the eyes of the blind?” Then came the Festival of Dedication at Jerusalem. It was winter, and Jesus was in the temple courts walking in Solomon’s Colonnade. The Jews who were there gathered around him, saying, “How long will you keep us in suspense? If you are the Messiah, tell us plainly.” Jesus answered, “I did tell you, but you do not believe. The works I do in my Father’s name testify about me, but you do not believe because you are not my sheep. My sheep listen to my voice; I know them, and they follow me.