ජෙරෙමියා 8:6
ජෙරෙමියා 8:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම සාවධාන ව අසා සිටියෙමි, එහෙත් ඔවුන් හරි දේ පවසන්නේ නැත. “කුමක් ද මා කර ගත්තේ?” යි කියමින්, තම දුෂ්ටකම ගැන පසුතැවෙන කෙනෙක් නැත. යුද්ධයට පිම්මේ දුවන අශ්වයකු මෙන්, හැම කෙනෙක් ම තම තමාගේ අභිමතය පසු පස්සේ යති.
බෙදාගන්න
ජෙරෙමියා 8 කියවන්නජෙරෙමියා 8:6 Sinhala Revised Old Version (SROV)
මම ඇහුම්කන්දී ඇසීමි, නුමුත් ඔව්හු යුතුලෙස කථා නොකළෝය. මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට හැරීයති.
බෙදාගන්න
ජෙරෙමියා 8 කියවන්නජෙරෙමියා 8:6 Sinhala New Revised Version (NRSV)
මම සාවධාන ව සවන් දිනිමි. එහෙත්, නුඹලා සැබෑව කතා නොකළහු ය. ‘මා කෙළේ කුමක් ද’ කියා අසමින්, තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කිසිවෙක් මෙහි නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන සේ ඔව්හු සියල්ලෝ ම තමන් රිසි මඟට හැරී දුවති.
බෙදාගන්න
ජෙරෙමියා 8 කියවන්න