ජෙරෙමියා 32:39-40
ජෙරෙමියා 32:39-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔවුන්ට එක හදවතක් හා එක ක්රියා මාර්ගයක් දෙන්නෙමි. එසේ කරන්නේ, ඔවුන්ගේ ම යහපතත්, ඔවුන්ට පසුව, ඔවුන්ගේ දරුවන්ගේ යහපතත් උදෙසා, ඔවුන් මට භය පක්ෂපාතී ව සිටින පිණිස ය. මම ඔවුන් සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි. ඔවුනට සුබ සෙත කිරීමෙහි නො නවතින්නෙමි. කිසි දින ඔවුන් මා වෙතින් ඉවත හැරී නො යන පිණිස, මට භය පක්ෂපාතී හදවතක් ඔවුන් තුළ තබන්නෙමි.
ජෙරෙමියා 32:39-40 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි. මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.
ජෙරෙමියා 32:39-40 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි. මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.
ජෙරෙමියා 32:39-40 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි. මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.
ජෙරෙමියා 32:39-40 New International Version (NIV)
I will give them singleness of heart and action, so that they will always fear me and that all will then go well for them and for their children after them. I will make an everlasting covenant with them: I will never stop doing good to them, and I will inspire them to fear me, so that they will never turn away from me.