ජෙරෙමියා 32:37-41

ජෙරෙමියා 32:37-41 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙන්න, මගේ කෝපයෙන් හා මගේ උදහසින් දැඩි තරහින් යුක්ත ව මා විසින් ඔවුන් පලවා හළ සියලු දේශ වෙතින් මම ඔවුන් එකතු කරන්නෙමි. මම මේ ස්ථානයට ඔවුන් ආපසු ගෙනවුත්, සුරැකි ව වසන්නට ඔවුන්ට මං සලසමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මම ඔවුන්ට එක හදවතක් හා එක ක්‍රියා මාර්ගයක් දෙන්නෙමි. එසේ කරන්නේ, ඔවුන්ගේ ම යහපතත්, ඔවුන්ට පසුව, ඔවුන්ගේ දරුවන්ගේ යහපතත් උදෙසා, ඔවුන් මට භය පක්ෂපාතී ව සිටින පිණිස ය. මම ඔවුන් සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි. ඔවුනට සුබ සෙත කිරීමෙහි නො නවතින්නෙමි. කිසි දින ඔවුන් මා වෙතින් ඉවත හැරී නො යන පිණිස, මට භය පක්ෂපාතී හදවතක් ඔවුන් තුළ තබන්නෙමි. ඔවුනට සුබ සෙත කිරීමෙන් මම සන්තෝෂ වන්නෙමි. මගේ මුළු හදවතින් ම හා මගේ මුළු ජීවයෙන් ම මම මේ දේශයෙහි නිසැක ව ම ඔවුන් ස්ථාපන කර දෙන්නෙමි.

ජෙරෙමියා 32:37-41 Sinhala Revised Old Version (SROV)

බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි. මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි. එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.

ජෙරෙමියා 32:37-41 Sinhala New Revised Version (NRSV)

‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි. මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි. එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.

ජෙරෙමියා 32:37-41 Sinhala New Revised Version 2018 (SNRV)