ජෙරෙමියා 31:31-32
ජෙරෙමියා 31:31-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න! ඉශ්රායෙල් වංශය සමඟ හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. “එහෙත් එය ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම වගේ නො වේ. මා ඔවුනට සැමියකු වුව ද, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පැමිණවීමට මා ඔවුන්ගේ අතින් ඇල්ලූ දවසේ කළ මගේ ගිවිසුම ඔවුහු බිඳ දැමූහ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
ජෙරෙමියා 31:31-32 Sinhala Revised Old Version (SROV)
බලව, මා විසින් ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 31:31-32 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී ඔවුන් සමඟ මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරෙමියා 31:31-32 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී මා ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ව සිටිය දී මා සමඟ කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරෙමියා 31:31-32 New International Version (NIV)
“The days are coming,” declares the LORD, “when I will make a new covenant with the people of Israel and with the people of Judah. It will not be like the covenant I made with their ancestors when I took them by the hand to lead them out of Egypt, because they broke my covenant, though I was a husband to them,” declares the LORD.