ජෙරෙමියා 23:3-4
ජෙරෙමියා 23:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ බැටළු රැළෙහි ඉතිරි ස්වල්ප දෙනා මා විසින් ඔවුන් පලවා හරින ලද සියලු දේශවලින් මම එකතු කර, ඔවුන්ගේ පට්ටියට ආපසු ගෙනෙන්නෙමි. එහිදී ඔවුන් සඵල වී, ගණනින් ද වැඩිවනු ඇත. ඔවුන් රැක බලාගන්නා එඬේරුන් මම ඔවුන්ට පත් කර දෙන්නෙමි. තවදුරටත් ඔවුන් භයට පත් වන්නේවත්, තැති ගන්නේවත් නැත. එකකුදු නැති වන්නේ ද නැතැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
ජෙරෙමියා 23:3-4 Sinhala Revised Old Version (SROV)
නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය. ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 23:3-4 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය. ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරෙමියා 23:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය. ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරෙමියා 23:3-4 New International Version (NIV)
“I myself will gather the remnant of my flock out of all the countries where I have driven them and will bring them back to their pasture, where they will be fruitful and increase in number. I will place shepherds over them who will tend them, and they will no longer be afraid or terrified, nor will any be missing,” declares the LORD.