ජෙරෙමියා 23:23-24
ජෙරෙමියා 23:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මම ළඟ පාත සිටින දෙවියෙක් ද? මම දුරස්ථ ස්ථානවල සිටින දෙවියන්වහන්සේ නො වන්නෙම් දැ?” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. “මට නො පෙනෙන ලෙස රහස් තැනක සැඟවෙන්නට මිනිසකුට පුළුවන් දැ?” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. “ස්වර්ගයත්, පොළොවත් පුරවන්නේ මම නො වෙම් දැ?” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:23-24 Sinhala Revised Old Version (SROV)
මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:23-24 Sinhala New Revised Version (NRSV)
“මම දුර සිටින දෙවි කෙනෙකු මෙන් ම, ළඟ සිටින දෙවි කෙනෙක් ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්න