ජෙරෙමියා 23:16
ජෙරෙමියා 23:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නොහොබිනා බලාපොරොත්තුවලින් ඔබ පුරවමින් ඔබට දිවැසි වැකියෙන් පවසන දිවැසිවරුන්ගේ වචනවලට සවන් නො දෙන්න; ස්වාමින්වහන්සේගේ මුවින් කී දෑ නො ව තමන්ගේ ම මනසින් මවා ගත් දර්ශන ය.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:16 Sinhala Revised Old Version (SROV)
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:16 Sinhala New Revised Version (NRSV)
“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්න