ජෙරෙමියා 23:1-9
ජෙරෙමියා 23:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ තණ බිමෙහි බැටළුවන් විනාශ කරන, උන් විසුරුවා හරින එඬේරුන්ට දුක් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එබැවින් මගේ ජනයා බලාගන්නා එඬේරුන්ට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නුඹලා මගේ බැටළු රැළ විසුරුවා හළ නිසාත්, ඔවුන් ඉවත පලවා හැරිය නිසාත්, ඔවුන් බලාගැනීම නො කළ නිසාත්, ඔන්න මම ද නුඹලා කළ නපුරුකම් ගැන බලා ගන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මගේ බැටළු රැළෙහි ඉතිරි ස්වල්ප දෙනා මා විසින් ඔවුන් පලවා හරින ලද සියලු දේශවලින් මම එකතු කර, ඔවුන්ගේ පට්ටියට ආපසු ගෙනෙන්නෙමි. එහිදී ඔවුන් සඵල වී, ගණනින් ද වැඩිවනු ඇත. ඔවුන් රැක බලාගන්නා එඬේරුන් මම ඔවුන්ට පත් කර දෙන්නෙමි. තවදුරටත් ඔවුන් භයට පත් වන්නේවත්, තැති ගන්නේවත් නැත. එකකුදු නැති වන්නේ ද නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “මෙන්න! දේශයෙහි යුක්තියත්, දමිටුකමත් ඉටු කරමින්, ප්‍රඥාවෙන් රජකම් කරන රජකු වන ධර්මිෂ්ඨ ශාඛාවක්, දාවිත්ගේ පරපුරින් මා විසින් නැගිටුවන දවස් පැමිණෙන්නේ ය. එතුමන්ගේ දවස්හි දී යූදා ගලවනු ලබන්නේ ය. ඉශ්‍රායෙල් සුරැකි ව වාසය කරන්නේ ය. එතුමන් හඳුන්වනු ලබන නාමය වන්නේ, ‘අපේ ධර්මිෂ්ඨකම වන ස්වාමින්වහන්සේ’ යනුවෙනි. “ඔන්න මෙබඳු දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක, “ ‘ඉශ්‍රායෙල් ජනයින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම යනුවෙන්’ තවදුරටත් කියන්නේ නැත. ‘ඉශ්‍රායෙල් වංශයෙන් පැවතෙන්නන්, උතුරු දේශයෙන් ද උන්වහන්සේ විසින් ඔවුන් පලවා හැර තිබූ සෙසු සියලු රටවලින් ද ඔවුන් ආපසු ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම යනුවෙන්’ කියන දවස් පැමිණෙන්නේ ය. එවිට ඔවුන් තමන්ගේ ම වූ දේශයේ වාසය කරනු ඇත.” දිවැසිවරුන් සම්බන්ධ ව ය: මගේ හදවත මා තුළ ම බිඳෙයි. මගේ ඇටකටු සියල්ල වෙවුලුම් කයි. ස්වාමින්වහන්සේ නිසාත්, උන්වහන්සේගේ ශුද්ධ වචන නිසාත් මා බීමත් මිනිසකු වැන්න. මිදි යුෂ මතට යට වූ මිනිසකු වැන්න.
ජෙරෙමියා 23:1-9 Sinhala Revised Old Version (SROV)
මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: නුඹලා මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය. ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළෑටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය. එබැවින්: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානයයි තවත් නොකියා, ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ප්‍රොපේතවරුන් ගැනය. මාගේ සිත මා තුළ බිඳී, මාගේ සියලු ඇට චංචලවී තිබේ; ස්වාමීන්වහන්සේ නිසාත් උන්වහන්සේගේ ශුද්ධවූ වචන නිසාත් මම මත්වී සිටින්නෙක්ද මුද්‍රිකපානයට යටවී සිටින මනුෂ්‍යයෙක්ද මෙන් වෙමි.
ජෙරෙමියා 23:1-9 Sinhala New Revised Version (NRSV)
“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත! මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය. ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. “ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැඟී එන කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත. එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ. “ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය. ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.” මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය.
ජෙරෙමියා 23:1-9 Sinhala New Revised Version 2018 (SNRV)
“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත! මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය. ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. “ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපත නමැති වෘක්ෂයෙන් දැහැමි රිකිල්ලක් හටගන්නා කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත. එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ. “ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය. ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.” මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය.
ජෙරෙමියා 23:1-9 New International Version (NIV)
“Woe to the shepherds who are destroying and scattering the sheep of my pasture!” declares the LORD. Therefore this is what the LORD, the God of Israel, says to the shepherds who tend my people: “Because you have scattered my flock and driven them away and have not bestowed care on them, I will bestow punishment on you for the evil you have done,” declares the LORD. “I myself will gather the remnant of my flock out of all the countries where I have driven them and will bring them back to their pasture, where they will be fruitful and increase in number. I will place shepherds over them who will tend them, and they will no longer be afraid or terrified, nor will any be missing,” declares the LORD. “The days are coming,” declares the LORD, “when I will raise up for David a righteous Branch, a King who will reign wisely and do what is just and right in the land. In his days Judah will be saved and Israel will live in safety. This is the name by which he will be called: The LORD Our Righteous Savior. “So then, the days are coming,” declares the LORD, “when people will no longer say, ‘As surely as the LORD lives, who brought the Israelites up out of Egypt,’ but they will say, ‘As surely as the LORD lives, who brought the descendants of Israel up out of the land of the north and out of all the countries where he had banished them.’ Then they will live in their own land.” Concerning the prophets: My heart is broken within me; all my bones tremble. I am like a drunken man, like a strong man overcome by wine, because of the LORD and his holy words.