ජෙරෙමියා 15:1-9

ජෙරෙමියා 15:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ස්වාමින්වහන්සේ මට මෙසේ පැවසූ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියේ සිටගත්තත්, මගේ හදවත මේ ජනයා වෙත හැරෙන්නේ නැත. මගේ ඇස් හමුවෙන් ඔවුන් පිට මං කරනු! ඔවුනට යන්නට හරිනු! ‘අප කොහේ යන්න දැ?’ යි ඔවුන් ඔබගෙන් ඇසුවොත්, ඔවුන්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ ‘වසංගතයට නියම වූවන් වසංගතයට ය. කඩුවට නියම වූවන් කඩුවට ය. සාගතයට නියම වූවන් සාගතයට ය. වහල්කමට නියම වූවන් වහල්කමට ය.’ “විනාශකයින් වර්ග හතරක් මම ඔවුන්ට එරෙහිව එවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එනම් මරා දමන්නට කඩුව ද ඉවත ඇද දමන්නට බල්ලන් ද කා දමන්නට හා විනාශ කරන්නට අහස් පක්ෂීන් හා පොළෝ මෘගයින් ද එවන්නෙමි. මිහි පිට සියලු රාජධානිවලට ඔවුන් සංත්‍රාසයක් වන්නට මම සලස්වමි. එසේ කරන්නේ යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමෙහි දී කළ දෑ නිසා ය. “එම්බා යෙරුසලම නුඹට අනුකම්පා කරන්නේ කවුරු ද? නුඹ උදෙසා වැලපෙන්නේ කවුරු ද? නුඹේ සුබ සෙත විමසන්නට නුඹ ළඟ නතර වන්නේ කවුරු ද? නුඹ මා ප්‍රතික්ෂේප කළා” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹ ආපස්සට යමින් සිටී. එබැවින් මම නුඹට එරෙහිව නුඹ පිට අත් හෙළා, නුඹ විනාශ කර දමන්නෙමි. අනුකම්පා කිරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. දේශයේ නගර දොරටුවලදී මම ඔවුන් කුල්ලකින් පොළන්නෙමි. මම ඔවුන්ගෙන් වියෝ වූවෙමි. ඔවුන් විනාශයට පැමිණ වීමි. මන්ද ඔවුන් තමන්ගේ මාර්ගවලින් ඉවත හැරුනේ නැත. මුහුදු වැලිවලටත් වඩා ඔවුන්ගේ වැන්දඹුවන් ගණනින් වැඩි වන්නට මම සැලසීමි. ඔවුන්ගේ තරුණයින්ගේ මවුවරුන්ට එරෙහිව මද්දහනේදී මම විනාශකයකු එවීමි. හදිසියේ ම මම ඔවුන් පිටට සංතාපය හා සංත්‍රාසය එවන්නෙමි. හත් දෙනකුට මව වූ තැනැත්තී, බෙලහීන වන්නී, මුර්ඡා වී ඇත. දහවල තිබියදී ම ඇගේ හිරු බැස ගොසිනි. ඈ, නින්දාවටත්, අවමානයටත් පමුණුවනු ලබන්නී ය. ජීවත් ව ඉතිරි ව සිටින්නන් ඔවුන්ගේ සතුරන් අබියසදී, මම කඩුවට ගොදුරු කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

ජෙරෙමියා 15:1-9 Sinhala Revised Old Version (SROV)

එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න. අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න. මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. යූදාහි රජවූ හෙසකියාගේ පුත්‍රවූ මනස්සේ විසින් යෙරුසලමෙහි කළ දේ නිසා පීඩා විදීමට ඔවුන් පොළොවේ සියලු රාජ්‍යවලට භාරදෙන්නෙමි. එම්බා යෙරුසලම, නුඹට අනුකම්පාකරන්නේ කවුද? නුඹ ගැන වැලපෙන්නේ කවුද? නුඹේ සුවදුක් අහන්ට නුඹ ළඟට එන්නේ කවුද? නුඹම මා අත්හැරියෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ පස්සට ගියෙහිය. මමද මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට නුඹ විනාශකෙළෙමි; තැවීමෙන් වෙහෙසවී සිටිමි. මම කුල්ලකින් දේශයේ දොරටුවලදී ඔවුන් පොළාදැමුවෙමි; ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන්කෙළෙමි; තමුන්ගේ මාර්ගවලින් හැරී නාවාවූ මාගේ සෙනඟ නැතිකෙළෙමි. මුහුදේ වැලිවලට වඩා ඔවුන්ගේ වැන්දඹුවෝ වැඩිවූවෝය. මම යෞවනයන්ගේ මවුට විරුද්ධව ඉර මුදුන් වේලාවේ නාස්ති කරන්නෙක් ඔවුන් කෙරෙහි පැමිණෙවුවෙමි. වෙවුලුමද කැලඹීම්ද හදිසියෙන් ඈ පිටට වැටෙන්ට සැලැස්සුවෙමි. සත්දෙනෙකු බිහිකළ තැනැත්තී දුර්වලවේ; ඇගේ ප්‍රාණය ඉකුත්විය; ඇගේ ඉර දවාලේදීම බැස ගියේය; ඈ ලජ්ජාවටත් පැමුණුණාය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේදී කඩුවට භාරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරෙමියා 15:1-9 Sinhala New Revised Version (NRSV)

එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න. ‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’ ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය. ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි. එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද? නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි. මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි. මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි. දරුවන් හත්දෙනෙකු වැදූ මව දුර්වල වී ක්ලාන්ත වූවා ය. ඇගේ එළිය දවාලෙහි ම අඳුරට හැරී ඇත. ඈ ලජ්ජාවටත්, නින්දාවටත් පත් වූවා ය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේ දී කඩුවට භාර දෙන්නෙමි. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

ජෙරෙමියා 15:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

ජෙරෙමියා 15:1-9 New International Version (NIV)

Then the LORD said to me: “Even if Moses and Samuel were to stand before me, my heart would not go out to this people. Send them away from my presence! Let them go! And if they ask you, ‘Where shall we go?’ tell them, ‘This is what the LORD says: “ ‘Those destined for death, to death; those for the sword, to the sword; those for starvation, to starvation; those for captivity, to captivity.’ “I will send four kinds of destroyers against them,” declares the LORD, “the sword to kill and the dogs to drag away and the birds and the wild animals to devour and destroy. I will make them abhorrent to all the kingdoms of the earth because of what Manasseh son of Hezekiah king of Judah did in Jerusalem. “Who will have pity on you, Jerusalem? Who will mourn for you? Who will stop to ask how you are? You have rejected me,” declares the LORD. “You keep on backsliding. So I will reach out and destroy you; I am tired of holding back. I will winnow them with a winnowing fork at the city gates of the land. I will bring bereavement and destruction on my people, for they have not changed their ways. I will make their widows more numerous than the sand of the sea. At midday I will bring a destroyer against the mothers of their young men; suddenly I will bring down on them anguish and terror. The mother of seven will grow faint and breathe her last. Her sun will set while it is still day; she will be disgraced and humiliated. I will put the survivors to the sword before their enemies,” declares the LORD.