ජෙරෙමියා 10:23-24
ජෙරෙමියා 10:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම දනිමි, අහෝ ස්වාමින්වහන්ස, මිනිසාගේ මාර්ගය ඔහුට අයිති නැති වග, ඔහුගේ ගමන් මග තීරණය කිරීම, ඔහුගේ කාරිය නො වන වග. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ යුක්තියට අනුව, මා නිවැරදි කළ මැනවි; මා නිෂ්ඵලතාවට පත් නො කෙරෙන පිණිස, ඔබගේ කෝපයෙන් නො වේ.
බෙදාගන්න
ජෙරෙමියා 10 කියවන්නජෙරෙමියා 10:23-24 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්ස, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත. ස්වාමීන්වහන්ස, ඔබ මා කිසිත් නැතිකමට නොපමුණුවන පිණිස ඔබගේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් මට දඬුවම් කළ මැනව.
බෙදාගන්න
ජෙරෙමියා 10 කියවන්නජෙරෙමියා 10:23-24 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක. සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව.
බෙදාගන්න
ජෙරෙමියා 10 කියවන්න