විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22
විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ඔවුන් අමතමින්, “මා දිහා බලාගෙන, මා අනුගමන කරනු! කඳවුර අද්දරට මා ගිය පසු, මා කරන දේ ම කරනු! මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින කල, ඔබත් මුළු කඳවුර වටා ඔබේ හොරණෑ පිඹ, ‘ස්වාමින්වහන්සේ හා ගිඩියොන් උදෙසා ය’ කියා මොර හඬ නගනු” යි කීවේ ය. ගිඩියොන් හා ඔහු සමඟ සිටි මිනිසුන් සිය දෙනා මුර මාරු වූ විගස මැදියම් යාමය පටන් ගැන්මේදී, කඳවුර අද්දරට ළඟා වූවෝ, හොරණෑ පිඹ, තමන් අත වූ කළ ගෙඩි බින්දෝ ය. මෙසේ කණ්ඩායම් තුන ම වමතින් පන්දම් ගෙන, පිඹින පිණිස හොරණෑ දකුණතින් ගෙන, හොරණෑ හඬවා, කළ ගෙඩි බින්දෝ, “ස්වාමින්වහන්සේට හා ගිඩියොන්ට අසිපතෙකි” යි මොර හඬ නැගුවෝ ය. ඔවුන් එක් එක්කෙනා කඳවුර වටා තමන් සිටිය තැන ස්ථානගත ව සිටියදී, මිදියන්වරු සැවොම මර හඬ දෙමින්, පැන දිවූහ. තවද හොරණෑ තුන්සියය හැඬ වූ කල, ස්වාමින්වහන්සේ කඳවුර මුළුල්ලෙහි එකිනෙකා අසිපත් දරා, එකිනෙකාට එරෙහිව නැගෙන්නට සැලසූ සේක. සේනාව ටබ්බාත් අසල ආබෙල්-මෙහෝලා සීමාව දක්වා සෙරේරා දෙසට බෙත්-ෂිට්ටා වෙත පලා ගියහ.
විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ට කථාකොට: මා කරන හැටි බලා ඒ ආකාරයෙන් කරන්න. මා කඳවුර අද්දරට පැමින්නාම මා කරන හැටියට නුඹලාත් කරන්න. මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට නුඹලාත් මුළු කඳවුර වටකරින්ම හොරණෑ පිඹ– ස්වාමීන්වහන්සේ හා ගිඩියොන් උදෙසාය කියා කියන්නැයි කීවේය. මෙසේ මධ්‍යම යාමයේ මුලදී මුර මාරු කළ හැටියේම ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් සියයද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ තමුන්ගේ අත්වල තුබූ කළගෙඩි බින්දෝය. කණ්ඩායම් තුනම හොරණෑ පිඹ කළගෙඩි බිඳදමා, වමතින් පන්දම්ද පිඹින පිණිස දකුණතින් හොරණෑද අල්ලාගෙන: ස්වාමීන්වහන්සේගේ ද ගිඩියොන්ගේද කඩුවයයි මොරගැසුවෝය. ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලාගියෝය. ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.
විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ට කතා කොට, “මා කරන හැටි බලා එයාකාර ව කරන්න. මා කඳවුර අද්දරට පැමිණි විට මා කරන හැටියට ඔබත් කරන්න. මාත්, මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට, ඔබත් මුළු කඳවුර වට කරමින් හොරණෑ පිඹිමින්, ‘සමිඳාණන් වහන්සේ සහ ගිඩියොන් උදෙසා ය’ කියා මොරගසන්නැ”යි කීවේ ය. මෙසේ මධ්‍යම රාත්‍රියේ, මුර මාරු කළ මුල් අවස්ථාවේ දී ම ගිඩියොන් ද ඔහු සමඟ සිටි මිනිස්සු සියදෙනා ද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ, තමන්ගේ අත්වල තිබූ කළගෙඩි බින්දෝ ය. කණ්ඩායම් තුන ම හොරණෑ පිඹ, කළගෙඩි බිඳ දමා, වමතින් පන්දම් ද පිඹින පිණිස දකුණතින් හොරණෑ ද රැගෙන, “සමිඳාණන් වහන්සේගේ ද ගිඩියොන්ගේ ද කඩුව යැ”යි මොරගැසුවෝ ය. ඔව්හු සියල්ලෝ ම කඳවුර වටේ එකිනෙකා තම තමන්ගේ ස්ථානයේ සිටියෝ ය. මුළු සේනාව ද කෑගසමින් පලා ගියෝ ය. ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22 New International Version (NIV)
“Watch me,” he told them. “Follow my lead. When I get to the edge of the camp, do exactly as I do. When I and all who are with me blow our trumpets, then from all around the camp blow yours and shout, ‘For the LORD and for Gideon.’ ” Gideon and the hundred men with him reached the edge of the camp at the beginning of the middle watch, just after they had changed the guard. They blew their trumpets and broke the jars that were in their hands. The three companies blew the trumpets and smashed the jars. Grasping the torches in their left hands and holding in their right hands the trumpets they were to blow, they shouted, “A sword for the LORD and for Gideon!” While each man held his position around the camp, all the Midianites ran, crying out as they fled. When the three hundred trumpets sounded, the LORD caused the men throughout the camp to turn on each other with their swords. The army fled to Beth Shittah toward Zererah as far as the border of Abel Meholah near Tabbath.