විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22

විනිශ්චයකාරයන්ගේ පොත 7:17-22 SROV

ඔවුන්ට කථාකොට: මා කරන හැටි බලා ඒ ආකාරයෙන් කරන්න. මා කඳවුර අද්දරට පැමින්නාම මා කරන හැටියට නුඹලාත් කරන්න. මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට නුඹලාත් මුළු කඳවුර වටකරින්ම හොරණෑ පිඹ– ස්වාමීන්වහන්සේ හා ගිඩියොන් උදෙසාය කියා කියන්නැයි කීවේය. මෙසේ මධ්‍යම යාමයේ මුලදී මුර මාරු කළ හැටියේම ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් සියයද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ තමුන්ගේ අත්වල තුබූ කළගෙඩි බින්දෝය. කණ්ඩායම් තුනම හොරණෑ පිඹ කළගෙඩි බිඳදමා, වමතින් පන්දම්ද පිඹින පිණිස දකුණතින් හොරණෑද අල්ලාගෙන: ස්වාමීන්වහන්සේගේ ද ගිඩියොන්ගේද කඩුවයයි මොරගැසුවෝය. ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලාගියෝය. ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.