විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7
විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යළිත් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. උන්වහන්සේ හත් අවුරුද්දක් මිදියන්වරුන්ගේ අත්වලට ඔවුන් දුන් සේක. මිදියන් හස්තය ඉශ්‍රායෙල්ට එරෙහිව ඒ සා පීඩාකාරී වූයෙන්, මිදියන් නිසා ඉශ්‍රායෙල්වරු කඳු විවරවල ද ගුහාවල ද ආරක්ෂිත කොටුවල ද තමනට සැඟවුම් සලසා ගත්හ. ඉශ්‍රායෙල්වරුන් වැවිලි වගා කළ හැම විටෙක, මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග ජනයා ද ඔවුන්ට එරෙහිව ආහ. ඔවුහු ඔවුන්ට එරෙහිව කඳවුරු ගසා ගෙන, ගාසා දක්වා ඈතට දේශයේ බවභෝග විනාශ කළෝ, ආහාර පාන හෝ බැටළු, ගව හා බූරු යන කිසි සතකු හෝ ඉශ්‍රායෙල්හි ඉතිරි නො කළෝ ය. ඔවුහු තම පශු සම්පත් ද තම කූඩාරම් ද සමඟ පොදි ගැසෙන පළඟැටි සේනා සේ ආහ. මිනිසුන් හා ඔවුන්ගේ ඔටුවන් ගණන් කළ නො හැකි තරම් විණ. ඔවුන්ගේ පැමිණීමත් සමඟ දේශය නැති නාස්ති විය. මෙසේ මිදියන් නිසා ඉශ්‍රායෙල් අන්ත දුගී බවට පත් වූයෙන්, ඉශ්‍රායෙල් ජනයා උපකාර පතා ස්වාමින්වහන්සේට මොර ගැසූහ. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල
විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 Sinhala Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක. මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්, ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය. මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේට මොරගැසූ කල
විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක. මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ. ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය. ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා දුඃඛිත තත්ත්වයකට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල
විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 New International Version (NIV)
The Israelites did evil in the eyes of the LORD, and for seven years he gave them into the hands of the Midianites. Because the power of Midian was so oppressive, the Israelites prepared shelters for themselves in mountain clefts, caves and strongholds. Whenever the Israelites planted their crops, the Midianites, Amalekites and other eastern peoples invaded the country. They camped on the land and ruined the crops all the way to Gaza and did not spare a living thing for Israel, neither sheep nor cattle nor donkeys. They came up with their livestock and their tents like swarms of locusts. It was impossible to count them or their camels; they invaded the land to ravage it. Midian so impoverished the Israelites that they cried out to the LORD for help. When the Israelites cried out to the LORD because of Midian