විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7

විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 SROV

ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක. මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්, ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය. මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේට මොරගැසූ කල

විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 සඳහා වීඩියෝව

විනිශ්චයකාරයන්ගේ පොත 6:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය