විනිශ්චයකාරයන්ගේ පොත 5:1-31

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ දවසේ දෙබොරා හා අබිනොවම්ගේ පුත් බාරාක් මෙසේ ගායනා කළහ. “ඉශ්‍රායෙල්හි නායකයින් පෙරමුණ ගත් කල, ජනයා කැමැත්තෙන් ම ඉදිරිපත් වූ කල, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්! “රජවරුනි මේ අහන්න! පාලකයිනි සවන් දෙන්න! ස්වාමින්වහන්සේට මම එසේය, මම ගයන්නෙමි! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම මධුර ස්වර නගන්නෙමි. “අහෝ ස්වාමින්වහන්ස, ඔබ සේයිර් වෙතින් පිටත් ව ගිය කල, ඒදොම් පෙදෙසේ සිට ගමනේ යෙදුන කල, පොළොව සලිත විණ. අහස වැගිරිණ. වලාකුළින් ජලය කඩා හැලිණ. සීනයිහි තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි කඳු හෙල්ලුම් කැවිණ. “අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වල යායෙල්ගේ දවස්වල මහ මාවත පාළුවට යැවිණ. ගමන් ගන්නන් ගියේ අතුරු පාරවලිනි. ඉශ්‍රායෙල් ගැමි ජන ජීවිත නැවතිණ. මා නැගිටින තෙක් ඔවුන් නැවතිණ. දෙබොරා වන මා ඉශ්‍රායෙල් මවක ව, නැගිටින තෙක්, නැවතිණ. නව දෙවිවරුන් තෝරා ගැනුණු කල, යුද්ධය, නගර දොරටුව අබියස ය. එහෙත්, ඉශ්‍රායෙල්හි හතළිස් දහසක් අතරේ පලිහක් හෝ හෙල්ලයක් දක්නට වූයේ නැත. මගේ හදවත ඉශ්‍රායෙල් සෙන්පතීන් වෙත, ජනයා අතරින් කැමැත්තෙන් ම ඉදිරිපත් වූ අය වෙත යයි. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්! “අනගි සැඳෑල මත හිඳ, සුදු බූරු දෙනුන් පිට නැග යන ඔබත්, මාවත් ඔස්සේ ඇවිද යන ඔබත් ඒ ගැන කියන්න. ජලාශ්‍රිත තැන්හි සංගීතකරුවන්ගේ නාදයට ස්වාමින්වහන්සේගේ ජයග්‍රහණ ඔවුහු යළි පවසති; ඒ ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ගැමි ජනයාගේ ජයග්‍රහණයන් ය. “එකල ස්වාමින්වහන්සේගේ ජනයා නගර දොරටු වෙත සක්මනේ ගියහ. ‘පිබිදෙන්න දෙබොරා, පිබිදෙන්න! පිබිදෙන්න, පිබිද ගීයක් ගයන්න! එම්බා බාරාක්, නැගී සිටින්න, එම්බා අබිනොවම්ගේ පුත්‍රය, නැගිට ඔබ අල්ලාගත්තවුන් රැගෙන යන්න.’ “අධිපතීන්ගෙන් ඉතිරි ව සිටියෝ, එකල පෙරට ගමන් ගත්හ. ස්වාමින්වහන්සේගේ ජනයා බලවතුනට එරෙහිව මා උදෙසා පෙරට ආහ. එප්‍රායිම් වෙතින් ඔවුහු තැනිතලාවට ගමන් ගත්හ. ඔබ සමඟ ආ ඔබේ නෑයින් සමඟ බෙන්යමින් ද විය. මාකීර් වෙතින් පෙරට ආවේ සෙන්පතීන් ය. සාබුලොන් වෙතින් අණ දෙන්නාගේ මුගුර දරන්නන් ය. ඉස්සාකර් අධිපතීහු දෙබොරා සමඟ ආහ. ඉස්සාකර්, බාරාක්ට විශ්වාසී ව ඔහු පස්සේ තැනිතලාව තුළට කඩා වැදිණි. රූබෙන් පෙළපත් අතරේ බලවත් හද විමැසුම් ඇති විණ. බැටළු රංචුවලට පිඹින නළා හඬ අසන්නට, බැටළු ගාල් අතරේ ඔබ රැඳී සිටියේ ඇයි? රූබෙන් පෙළපත් අතරේ බලවත් හද විමැසුම් ඇති විණ. ගිලියාද්, යොර්දානෙන් එගොඩ නැවතී සිටියේ ය. එහෙත් දාන්, ඔහු නැව් සමඟ රැඳී සිටියේ ඇයි? මුහුදු වෙරළේ නිසොල්මනේ සිටි ආෂෙර් තම වරායවල නැවතුණේ ය. සාබුලොන්, තම ජීවිත පවා පරදුවට තැබූ ජනතාවකි. යුද බිමේ උස් තැන්හි දී නෆ්තලී කළේ ද එය ම ය. “රජවරු ආහ; ඔවුහු යුද්ධ කළහ. කානාන් රජවරු සටන් වැදුණහ; තානක්හි, මෙගිද්දෝ ජලය ළඟදී. එහෙත් ඔවුන් රිදී කොල්ලය ගෙන ගියේ නැත. තරු අහසේ සිට සටන් වැදුණි. තම සීමා පථවල සීසෙරාට එරෙහිව සටන් වැදිණි. කීෂොන් ජල ප්‍රවාහය, ඒ ඉපැරණි ජල ප්‍රවාහය, කීෂොන් ජල ප්‍රවාහය ඔවුන් ඉවත ගසා ගෙන ගියා ය. පෙරට යන්න මගේ ජීවය, වික්‍රමාන්විත ව. එවිට අශ්ව-කුර හඬ, හෙණ හඬ නගමින්, ජව වේගයෙන්, පැන පැන පිම්මේ දුව යයි. ‘මේරොස්ට ශාප කරන්නැ’ යි ස්වාමින්වහන්සේගේ දූතයා පවසයි. ‘එහි ජනයාට තදින් ම ශාප කරන්න. මන්ද, ස්වාමින්වහන්සේගේ උදව්වට, බලවතුනට එරෙහිව වූ ස්වාමින්වහන්සේගේ උදව්වට ඔවුන් ආවේ නැත.’ “කාන්තාවන්ගෙන් වඩාත් ම ආශිර්වාද ලද්දිය වන්නේ යායෙල් ය. කේනීය හෙබෙර්ගේ බිරිඳ වූ ඈ තොමෝ, කූඩාරම් වාසී වනිතාවන්ගෙන් වඩාත් ආශිර්වාද ලද්දී ය. ඔහු වතුර ඉල්ලී ය. ඈ ඔහුට කිරි බොන්නට දුන්නා ය. වංශවතුනට සරිලන බඳුනක ලා, ඈ ඔහුට දී-කිරි ගෙනාවා ය. ඇගේ අත කූඩාරම් කූංඤයක් වෙතට, ඇගේ දකුණත කම්කරු මිටිය වෙතට දිගුවිණ. ඈ සීසෙරාට ඇන්නා ය. ඔහුගේ හිස පොඩි කළා ය. ඈ ඔහුගේ නළල බිඳ, සිදුරු කළා ය. ඇගේ පාමුල ඔහු යටවිණි. ඔහු වැටිණ. ඔහු බිම හෙවිණ. ඇගේ පාමුල ඔහු යට විණ. ඔහු වැටිණ. ඔහු යට වූ තැන ම, වැටී මැරිණි. “සීසෙරාගේ මව කවුළුව තුළින් එබී බලන්නී, ගරාදි අතරින් සිට මොර හඬ දුන්නී ය. ‘ඔහුගේ යුද්ධ රථය, මෙතරම් පරක්කු මන්ද? රථ-අශ්ව කුර හඬ, මෙතරම් සුනංගු මන්ද?’ කුමාරිකාවන්ගෙන් නැණවත් ම තැනැත්තියෝ, ඇයට පිළිතුරු දුන්හ. සැබැවි! ඈ යළි යළිත් තමාට ම කියා ගත්තා ය: ‘ඔවුන් කොල්ලය සොය සොයා, බෙදා ගන්නවා ඇති නේද? එක් එක් මිනිසාට කෙල්ලක හෝ දෙදෙනක බැගින්, කොල්ලය ලෙසට සීසෙරාට අලංකාර ඇඳුම්, වැඩ දැමූ පාට පාට ඇඳුම් හා මගේ ගෙලට දෙවරක් වැඩ දැමූ සළු යනාදියයි.’ “මෙසේ ඔබේ සියලු සතුරන් විනාශ වේවා! අහෝ ස්වාමින්වහන්ස, එහෙත්, ඔබට ප්‍රේම කරන්නන්, ස්වකීය ශක්තියෙන් නැග එන සූර්යයා සේ වෙත්වා!” ඉන්පසු හතළිස් අවුරුද්දක් දේශයෙහි සාමය පැවැත්තේ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-31 Sinhala Revised Old Version (SROV)

ඉක්බිති ඒ දවසේදී දෙබොරාද අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක්ද මෙසේ ගීතිකාකළෝය: අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න. රජදරුවෙනි, අසන්න; අධිපතියෙනි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය. කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය. අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය. දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්‍රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්‍රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය. ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද? සෙනඟ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්‍රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුම්වේ; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න. සුදු කොටළුවන් පිට නැගී යන නුඹලාත්, අනගි පලස් පිට හිඳින නුඹලාත්, මාර්ගයෙහි යන නුඹලාත් එය ප්‍රකාශ කරන්න. දුනුවායන්ගේ ඝෝෂාවෙන් ඈත දිය අදින තැන්වලදී, ඔව්හු ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේගේ සෙනඟ දොරටුවට බැස්සෝය. පිබිදෙව, දෙබොරා පිබිදෙව; පිබිදෙව, පිබිදෙව, ගීතිකාවක් පවසව. බාරාක් නැගුටුව, එම්බා අබිනොවම්ගේ පුත්‍රය, නුඹ වාලට ගත් අය වාලට ගෙනයව. එකල උත්තමයන්ගෙන් හා සෙනඟගෙන් ඉතුරු කොටසක් බැස ආයේය; ස්වාමීන්වහන්සේ මා උදෙසා බලවතුන්ට විරුද්ධව බැස ආසේක. අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම් කෙරෙන් ආවෝය; එම්බා බෙන්යමින්, නුඹ පස්සේ, නුඹේ සෙනඟ අතරේ ආවෝය. මාඛීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ. ඉස්සාඛර්ගේ අධිපතීහුද දෙබොරා සමඟ වූහ; ඉස්සාඛර් යම්සේද බාරාක්ද එසේම විය; ඔව්හු ඔහු පස්සේ මිටියාවතට වේගයෙන් දිවූහ. රූබෙන්ගේ කඳුරැලි ළඟදී සිතේ මහත් සනිටුහන් තිබුණේය. නුඹ බැටළුපාලයන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ කුමට ඉඳගත්තෙහිද? රූබෙන්ගේ කඳුරැලි ළඟදී මහත් සිත් විමසීම් විය. ගිලියද් යොර්දානෙන් එතර විසීය. දාන් තෙමේ නැව්වල කුමට නැවතී සිටියේද? ආෂෙර් මුහුදු වෙරළේ නිශ්චලව ඉඳගෙන තමාගේ කලපු ළඟ විසීය. සාබුලොන් වනාහි මරණය දක්වා තම ජීවිත උපද්‍රව නොසැලකූ සෙනඟක, නප්තලීද යුද්ධ භූමියේ උස්තැන් පිට එසේමය. රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය. තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝය, ස්වකීය හරසරවලදී සිසෙරාට විරුද්ධව සටන් කළෝය. කීෂොන් ගංගාව, ඒ පැරණි ගඟවූ කීෂොන් ගංගාව, ඔවුන් ගහගන ගියාය. එම්බා මාගේ ආත්මය! ශක්තියෙන් ගමනය කරව. එවිට පැනීම් නිසා එනම් ඔවුන්ගේ බලවතුන්ගේ පැනීම් නිසා අශ්වයෝ තදින් අඩි හැපුවෝය. ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේගේ දූතයා කීය. කේනිය හෙබෙර්ගේ භාර්යාව වන යායෙල් තොමෝ වෙන ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලත්තියක් වන්නීය. කූඩාරම්හි ස්ත්‍රීන්ට වඩා ඈ ආශීර්වාද ලත්තියක් වන්නීය. ඔහු වතුර ඉල්විය, ඈ කිරි දුන්නාය; ඈ උත්කෘෂ්ට තැටියක ඔහු වෙත වෙඬරු ගෙනාවාය. ස්වකීය අතින් ඇණයත් ස්වකීය දකුණතින් කම්කරු මිටියත් ගෙන, මිටියෙන් සිසෙරාට ගැසුවාය, ඔහුගේ හිස සිදුරුවෙන්ට ගැසුවාය, එසේය, ඈ ඔහුගේ නළල් කෙළවර සිදුරුකොට එය පොඩිවෙන්ට ගැසුවාය. ඈ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය, ඔහු දිගාවුණේය. ඈ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය. නැමුණු තැනම ඔහු වැටී නැසුණේය. සිසෙරාගේ මවු කවුළු තුළින් බලා, ගරාදි අතරෙන් මොරගසා: ඔහුගේ රථය මෙතෙක් කල් පමාවන්නේ මක්නිසාද? ඔහුගේ රථරෝද මක්නිසා සුනංගුවන්නේදැයි කීවාය. ඇගේ නැණවත් කුලඟනෝ ඈට උත්තර දුන්නුය. එසේය, ඕ තමාටම ප්‍රතිඋත්තර කීවාය: ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය. ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-31 Sinhala New Revised Version (NRSV)

ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ: “අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්. රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි. සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය. සීනයි කන්දේ සමිඳුන් ඉදිරියේ, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳුන් හමුයේ කඳු කම්පා වී ගියේ ය. අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය. ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද? සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්. සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න. ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ. පිබිදෙන්න, දෙබොරා පිබිදෙන්න, පිබිදෙන්න, පිබිදෙන්න, ගීයක් ගයන්න, නැඟිටින්න; අබිනොවම් පුත් බාරාක්, නැඟිටින්න; වාලට ගත් අය ගෙනයන්න. ඉශ්රායෙල් සෙනඟ එකල දොරටු කරා ගමන් ගත්හ. සමිඳුන්ගේ සෙනඟ වීරයන් ලෙස එතුමන් වෙනුවෙන් සටනට ආහ. ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ. ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ. එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ. ගිලියද් ගෝත්‍රය ජොර්දානෙන් එතෙර ද දාන් ගෝත්‍රය තණ බිම් අතර ද නතර වී වාසය කළහ: ආෂෙර් ගෝත්‍රය මුහුදු වෙරළේ ඔවුන්ගේ තොටුපොළවල් අතරේ සුව සේ වාසය කළෝ ය. සාබුලොන් ගෝත්‍රයේ සෙනඟ මරණයට මුහුණ පෑ හ; නප්තලී ගෝත්‍රය ද රණ බිමට බට හ. තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය. තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝ ය; සිසෙරාට විරුද්ධ ව සිය කක්ෂයේ සිට යුද්ධ කළෝ ය. කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි. එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ. ‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය. කේනීය හෙබෙර්ගේ බිරිඳ වන ජායෙල් අන් කතුන්ට වඩා ආසිරි ලද්දියක් වන්නී ය. සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය. ඈ සිය වමතින් ඇණයක් ද දකුණතින් කම්කරු අතකොලුවක් ද රැගෙන අතකොලුවෙන් සිසෙරාට හිස සිදුරු වන්නට ගැසුවා ය. ඔහුගේ නළල සිදුරු කොට එය පොඩි කර දැම්මා ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය. කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය. සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුsනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය. ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය. එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය: ‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’ සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-31 Sinhala New Revised Version 2018 (SNRV)

ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ: “අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්. රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි. සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය. සීනයි කන්දේ සමිඳුන් ඉදිරියේ, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳුන් හමුයේ කඳු කම්පා වී ගියේ ය. අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය. ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද? සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්. සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න. ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ. පිබිදෙන්න, දෙබොරා පිබිදෙන්න, පිබිදෙන්න, පිබිදෙන්න, ගීයක් ගයන්න, නැඟිටින්න; අබිනොවම් පුත් බාරාක්, නැඟිටින්න; වාලට ගත් අය ගෙනයන්න. ඉශ්රායෙල් සෙනඟ එකල දොරටු කරා ගමන් ගත්හ. සමිඳුන්ගේ සෙනඟ වීරයන් ලෙස එතුමන් වෙනුවෙන් සටනට ආහ. ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ. ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ. එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ. ගිලියද් ගෝත්‍රය ජොර්දානෙන් එතෙර ද දාන් ගෝත්‍රය තණ බිම් අතර ද නතර වී වාසය කළහ: ආෂෙර් ගෝත්‍රය මුහුදු වෙරළේ ඔවුන්ගේ තොටුපොළවල් අතරේ සුව සේ වාසය කළෝ ය. සාබුලොන් ගෝත්‍රයේ සෙනඟ මරණයට මුහුණ පෑ හ; නප්තලී ගෝත්‍රය ද රණ බිමට බට හ. තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය. තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝ ය; සිසෙරාට විරුද්ධ ව සිය කක්ෂයේ සිට යුද්ධ කළෝ ය. කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි. එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ. ‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය. කේනීය හෙබෙර්ගේ බිරිඳ වන ජායෙල් අන් කතුන්ට වඩා ආසිරි ලද්දියක් වන්නී ය. සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය. ඈ සිය වමතින් ඇණයක් ද දකුණතින් කම්කරු අතකොලුවක් ද රැගෙන අතකොලුවෙන් සිසෙරාට හිස සිදුරු වන්නට ගැසුවා ය. ඔහුගේ නළල සිදුරු කොට එය පොඩි කර දැම්මා ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය. කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය. සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය. ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය. එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය: ‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’ සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-31 New International Version (NIV)

On that day Deborah and Barak son of Abinoam sang this song: “When the princes in Israel take the lead, when the people willingly offer themselves— praise the LORD! “Hear this, you kings! Listen, you rulers! I, even I, will sing to the LORD; I will praise the LORD, the God of Israel, in song. “When you, LORD, went out from Seir, when you marched from the land of Edom, the earth shook, the heavens poured, the clouds poured down water. The mountains quaked before the LORD, the One of Sinai, before the LORD, the God of Israel. “In the days of Shamgar son of Anath, in the days of Jael, the highways were abandoned; travelers took to winding paths. Villagers in Israel would not fight; they held back until I, Deborah, arose, until I arose, a mother in Israel. God chose new leaders when war came to the city gates, but not a shield or spear was seen among forty thousand in Israel. My heart is with Israel’s princes, with the willing volunteers among the people. Praise the LORD! “You who ride on white donkeys, sitting on your saddle blankets, and you who walk along the road, consider the voice of the singers at the watering places. They recite the victories of the LORD, the victories of his villagers in Israel. “Then the people of the LORD went down to the city gates. ‘Wake up, wake up, Deborah! Wake up, wake up, break out in song! Arise, Barak! Take captive your captives, son of Abinoam.’ “The remnant of the nobles came down; the people of the LORD came down to me against the mighty. Some came from Ephraim, whose roots were in Amalek; Benjamin was with the people who followed you. From Makir captains came down, from Zebulun those who bear a commander’s staff. The princes of Issachar were with Deborah; yes, Issachar was with Barak, sent under his command into the valley. In the districts of Reuben there was much searching of heart. Why did you stay among the sheep pens to hear the whistling for the flocks? In the districts of Reuben there was much searching of heart. Gilead stayed beyond the Jordan. And Dan, why did he linger by the ships? Asher remained on the coast and stayed in his coves. The people of Zebulun risked their very lives; so did Naphtali on the terraced fields. “Kings came, they fought, the kings of Canaan fought. At Taanach, by the waters of Megiddo, they took no plunder of silver. From the heavens the stars fought, from their courses they fought against Sisera. The river Kishon swept them away, the age-old river, the river Kishon. March on, my soul; be strong! Then thundered the horses’ hooves— galloping, galloping go his mighty steeds. ‘Curse Meroz,’ said the angel of the LORD. ‘Curse its people bitterly, because they did not come to help the LORD, to help the LORD against the mighty.’ “Most blessed of women be Jael, the wife of Heber the Kenite, most blessed of tent-dwelling women. He asked for water, and she gave him milk; in a bowl fit for nobles she brought him curdled milk. Her hand reached for the tent peg, her right hand for the workman’s hammer. She struck Sisera, she crushed his head, she shattered and pierced his temple. At her feet he sank, he fell; there he lay. At her feet he sank, he fell; where he sank, there he fell—dead. “Through the window peered Sisera’s mother; behind the lattice she cried out, ‘Why is his chariot so long in coming? Why is the clatter of his chariots delayed?’ The wisest of her ladies answer her; indeed, she keeps saying to herself, ‘Are they not finding and dividing the spoils: a woman or two for each man, colorful garments as plunder for Sisera, colorful garments embroidered, highly embroidered garments for my neck— all this as plunder?’ “So may all your enemies perish, LORD! But may all who love you be like the sun when it rises in its strength.” Then the land had peace forty years.