විනිශ්චයකාරයන්ගේ පොත 4:8-9
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බාරාක් ඇයට පිළිතුරු දෙමින්, “ඔබ, මා සමඟ යනවා නම් මම යන්නෙමි. එහෙත් ඔබ මා සමඟ යන්නේ නැති නම් මාත් යන්නේ නැතැ” යි කී ය. ඈ කතා කරමින්, “සත්තකින් ම මම ඔබ සමඟ යන්නෙමි. එහෙත් ඔබ ගමනේ යන මේ මාර්ගය දිවෙන්නේ ඔබේ ගෞරවය දෙසට නො වේ. මන්ද ස්වාමින්වහන්සේ ස්ත්රියකට සීසෙරා පාවා දෙනු ඇතැ” යි කීවා ය. ඉන්පසු දෙබොරා නැගිට, බාරාක් සමඟ කෙදෙෂ් බලා ගියා ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-9 Sinhala Revised Old Version (SROV)
එවිට බාරාක් ඈට කථාකොට: නුඹ මා සමඟ යනවා නම් මම යන්නෙමි. නුඹ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය. ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-9 Sinhala New Revised Version (NRSV)
බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය. ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය. ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-9 New International Version (NIV)
Barak said to her, “If you go with me, I will go; but if you don’t go with me, I won’t go.” “Certainly I will go with you,” said Deborah. “But because of the course you are taking, the honor will not be yours, for the LORD will deliver Sisera into the hands of a woman.” So Deborah went with Barak to Kedesh.