විනිශ්චයකාරයන්ගේ පොත 4:8-11
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බාරාක් ඇයට පිළිතුරු දෙමින්, “ඔබ, මා සමඟ යනවා නම් මම යන්නෙමි. එහෙත් ඔබ මා සමඟ යන්නේ නැති නම් මාත් යන්නේ නැතැ” යි කී ය. ඈ කතා කරමින්, “සත්තකින් ම මම ඔබ සමඟ යන්නෙමි. එහෙත් ඔබ ගමනේ යන මේ මාර්ගය දිවෙන්නේ ඔබේ ගෞරවය දෙසට නො වේ. මන්ද ස්වාමින්වහන්සේ ස්ත්‍රියකට සීසෙරා පාවා දෙනු ඇතැ” යි කීවා ය. ඉන්පසු දෙබොරා නැගිට, බාරාක් සමඟ කෙදෙෂ් බලා ගියා ය. බාරාක්, සාබුලොන් ද නෆ්තලී ද කෙදෙෂ් වෙත එක් රැස් කරවී ය. දස දහසක් රණවිරුවන් ඔහු පසු පස ගියහ. දෙබොරා ද ඔහු සමඟ ගියා ය. මෙකල කේනීය හෙබෙර්, මෝසෙස්ගේ මස්සිනා වූ හොබාබ්ගෙන් පැවත එන සෙසු කේනිවරුන්ගෙන් වෙන් ව, කෙදෙෂ් අසල සානන්නීම්හි ආලෝන් වෘක්ෂය ළඟ තම කඳවුර බැඳ සිටියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-11 Sinhala Revised Old Version (SROV)
එවිට බාරාක් ඈට කථාකොට: නුඹ මා සමඟ යනවා නම් මම යන්නෙමි. නුඹ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය. ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය. බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය. එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-11 Sinhala New Revised Version (NRSV)
බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය. ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය. බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය. එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-11 Sinhala New Revised Version 2018 (SNRV)
බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය. ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය. බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය. එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:8-11 New International Version (NIV)
Barak said to her, “If you go with me, I will go; but if you don’t go with me, I won’t go.” “Certainly I will go with you,” said Deborah. “But because of the course you are taking, the honor will not be yours, for the LORD will deliver Sisera into the hands of a woman.” So Deborah went with Barak to Kedesh. There Barak summoned Zebulun and Naphtali, and ten thousand men went up under his command. Deborah also went up with him. Now Heber the Kenite had left the other Kenites, the descendants of Hobab, Moses’ brother-in-law, and pitched his tent by the great tree in Zaanannim near Kedesh.