විනිශ්චයකාරයන්ගේ පොත 4:1-5

විනිශ්චයකාරයන්ගේ පොත 4:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒහුද් මිය ගිය පසු, ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කළෝ ය. එබැවින් ස්වාමින්වහන්සේ හාසොර්හි රජකම් කළ කානාන් රජකු වන යාබීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ හමුදාපති වූයේ හරොෂෙත්-හග්ගොයිම්හි විසූ සීසෙරා ය. ඔහුට යකඩ යුද්ධ රථ නවසියයක් තිබූ බැවින් ද විසි වසරක් ඔහු ඉශ්‍රායෙල්වරුන්ට කුරිරු ව හිංසා-පීඩා කළ බැවින් ද ඉශ්‍රායෙල්වරු පිහිට ඉල්ලා ස්වාමින්වහන්සේට මොර ගැසූහ. එකල ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය. ඇය අසුන් ගත්තේ එප්‍රායිම් කඳු රටේ රාමා හා බෙතෙල් අතර පිහිටි දෙබොරාගේ ඉඳිගහ යට ය. ඉශ්‍රායෙල්වරු විනිශ්චය ලබන පිණිස ඇය වෙත ආහ.

විනිශ්චයකාරයන්ගේ පොත 4:1-5 Sinhala Revised Old Version (SROV)

ඒහුද් මැරුණායින් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය. ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය. ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.

විනිශ්චයකාරයන්ගේ පොත 4:1-5 Sinhala New Revised Version (NRSV)

ඒහුද්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි. ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය. එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 4:1-5 Sinhala New Revised Version 2018 (SNRV)