විනිශ්චයකාරයන්ගේ පොත 16:5 - Compare All Versions
විනිශ්චයකාරයන්ගේ පොත 16:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඇය හමුවට ගොස්, ඇය අමතමින්, “ඔහුගේ ඒ මහා ශක්තියේ රහස කවරේ ද යන්නත්, අප විසින් ඔහු බැඳ, දමනය කරන පිණිස, අපට ඔහු යටත් කර ගත හැක්කේ කෙසේ ද යන්නත්, ඔබට පෙන්වා දෙන හැටියට ඔහු පොලඹවන්න. අපි හැම කෙනෙක් ම ඔබට රිදී ෂෙකෙල් එක්දහස් එකසියය බැගින් දෙන්නෙමු” යි කීහ.
විනිශ්චයකාරයන්ගේ පොත 16:5 SROV (Sinhala Revised Old Version)
පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: නුඹ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය.
විනිශ්චයකාරයන්ගේ පොත 16:5 NRSV (Sinhala New Revised Version)
පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 16:5 SNRV (Sinhala New Revised Version 2018)
පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 16:5 NIV (New International Version)
The rulers of the Philistines went to her and said, “See if you can lure him into showing you the secret of his great strength and how we can overpower him so we may tie him up and subdue him. Each one of us will give you eleven hundred shekels of silver.”