විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කෙසේ වුව ද ඔහුගේ හිස මුඩු කරනු ලැබීමෙන් පසු ඔහුගේ හිසකේ යළි වැඩෙන්නට වන්නේ ය. මේ අතර, පිලිස්ති පාලකයෝ තමන්ගේ දෙවියන් වූ දාගෝන්ට මහා යාගයක් ඔප්පු කරන්නටත්, “අපේ දෙවියෝ අපේ හතුරා වූ සම්සොන් අපේ අත්වලට අසුකර දුන්නා” යි කියමින් ඒ ගැන උත්සව පවත්වන්නටත් එක් රැස් වූහ. ජනයා ඔහු දුටු කල, තම දෙවියන්ට ප්‍රශංසා කරමින්, “අප බොහෝ දෙනකු ඝාතන කළ, අපේ දේශයේ විනාශකයා වූ අපේ හතුරා, අපේ දෙවියන් විසින් අපේ අත්වලට හසුකර දෙන ලදැ” යි කීහ. ඔවුහු ප්‍රීතියෙන් ප්‍රමුදිත වූ කල, “අපට රැඟුම් දක්වන්නට සම්සොන් කැඳවන්නැ” යි කෑ ගැසූහ. එබැවින් සිරගෙදර සිට සම්සොන් කැඳවාගෙන එනු ලැබිණ. ඔහු ඔවුන් උදෙසා රැඟුම් දැක්වී ය. ඔවුන් කුලුනු අතරේ ඔහු සිට වූ කල, තම අත අල්ලා සිටි සේවකයාට කතා කළ සම්සොන්, “මේ දෙවොල දරා සිටින කුලුනුවලට මා හේත්තු වන පිණිස, ඒවා අතගා බලන්න ඉඩ හරින්නැ” යි ඉල්ලී ය. මේ අතර දෙවොල ස්ත්‍රීන්ගෙන් ද පුරුෂයින්ගෙන් ද පිරී තිබිණ. පිලිස්තීය පාලකයෝ සැවොම එහි වූහ. සම්සොන්ගේ රැඟුම් නරඹමින්, පුරුෂයින් හා ස්ත්‍රීන් තුන්දහසක් පමණ දෙවොලේ පියස්ස මත වූහ. එවිට සම්සොන් ස්වාමින්වහන්සේටයාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සිහි කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තව එක ම වතාවක් මා ශක්තිමත් කළ මැනව. එක් ප්‍රයත්නයකින් ම මේ පිලිස්තීන්ගෙන් මගේ ඇස් දෙකේ පළිය ගැනීමට ඉඩ හළ මැනවි” යි කී ය. ඉන්පසු සම්සොන් දෙවොල දරා සිටි ප්‍රධාන කුලුනු දෙකට ළඟා වී, එකක් පිට තම දකුණත ද අනෙක පිට තම වමත ද තබා, තරයේ ඒවා අල්ලා ගත්තේ ය. එසේ කොට, “පිලිස්තීන් සමඟ මමත් මැරෙම්වා” යි කී සම්සොන් තම මුළු වැර යොදා ඒවා තල්ලු කළේ ය. එවිට එතුළ වූ පාලකයින් ද මුළු ජනයා ද පිට දෙවොල කඩා වැටුණේ ය. මෙසේ, ඔහු ජීවත් ව සිටියදී මැරූ අයගේ ගණනට වඩා තම මරණයේදී මැරූ අය ගණනින් වැඩි ය.

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 Sinhala Revised Old Version (SROV)

එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්ට පටන්ගත්තේය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්ටත් ප්‍රීති වෙන්ටත් රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරාවූ සම්සොන් අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය. සෙනඟ ඔහු දුටු කල තමුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. මක්නිසාද: අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළාවූ, අපෙන් බොහෝ දෙනෙකු මැරුවාවූ අපේ සතුරා අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය. ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය. සම්සොන් තමාගේ අත අල්වා සිටි යෞවනයාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුළුනුවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්ට ඉඩහරින්නැයි කීවේය. ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය. සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය. එවිට සම්සොන් ගෘහය ඉසුලුවාවූ මැද කුළුනු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමින්: පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ.

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 Sinhala New Revised Version (NRSV)

ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය. සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ. ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුළුණු අතරේ ඔහු සිටෙවුවෝ ය. සම්සොන් තමාගේ අත අල්ලාගෙන සිටි තරුණයාට කතා කොට, “මේ ගෘහය පිහිටා තිබෙන කුළුණුවලට මා හාන්සි වන පිණිස ඒවාට අත ගසා බලන්නට මට ඉඩ දෙන්නැ”යි කීවේ ය. ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය. සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය. එවිට සම්සොන් ගෘහය පිහිටා තිබුණු මැද කුළුණු දෙක, එකක් දකුණතින් ද එකක් වමතින් ද අල්ලා තමාගේ මුළු ශක්තිය යොදා, පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 Sinhala New Revised Version 2018 (SNRV)

ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය. සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ. ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුලුණු අතරේ ඔහු සිටෙවුවෝ ය. සම්සොන් තමාගේ අත අල්ලාගෙන සිටි තරුණයාට කතා කොට, “මේ ගෘහය පිහිටා තිබෙන කුලුණුවලට මා හාන්සි වන පිණිස ඒවාට අත ගසා බලන්නට මට ඉඩ දෙන්නැ”යි කීවේ ය. ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය. සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය. එවිට සම්සොන් ගෘහය පිහිටා තිබුණු මැද කුලුණු දෙක, එකක් දකුණතින් ද එකක් වමතින් ද අල්ලා තමාගේ මුළු ශක්තිය යොදා, පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 New International Version (NIV)

But the hair on his head began to grow again after it had been shaved. Now the rulers of the Philistines assembled to offer a great sacrifice to Dagon their god and to celebrate, saying, “Our god has delivered Samson, our enemy, into our hands.” When the people saw him, they praised their god, saying, “Our god has delivered our enemy into our hands, the one who laid waste our land and multiplied our slain.” While they were in high spirits, they shouted, “Bring out Samson to entertain us.” So they called Samson out of the prison, and he performed for them. When they stood him among the pillars, Samson said to the servant who held his hand, “Put me where I can feel the pillars that support the temple, so that I may lean against them.” Now the temple was crowded with men and women; all the rulers of the Philistines were there, and on the roof were about three thousand men and women watching Samson perform. Then Samson prayed to the LORD, “Sovereign LORD, remember me. Please, God, strengthen me just once more, and let me with one blow get revenge on the Philistines for my two eyes.” Then Samson reached toward the two central pillars on which the temple stood. Bracing himself against them, his right hand on the one and his left hand on the other, Samson said, “Let me die with the Philistines!” Then he pushed with all his might, and down came the temple on the rulers and all the people in it. Thus he killed many more when he died than while he lived.