විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21
විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිනක් සම්සොන් ගාසා බලා ගියේ ය. එහිදී වෙසඟනක දුටු ඔහු, ඇය හා රැය ගත කිරීමට ගියේ ය. එකල “අන්න! සම්සොන් මෙහි ඇවිත්” යැයි ගාසාවරුන්ට දන්වන ලදින්, ඔවුහු එතැන වට කොට, මුළු රැය පුරා ම නගර දොරටුවෙහි රැක සිටියහ. “උදේ එළිය වැටුණු පසු අපි ඔහු මරමු” යි කියමින්, ඔවුහු නිසොල්මනේ සිටියහ. එහෙත් සම්සොන් එහි දිගා වී සිටියේ රෑ මැදියම වන තෙක් පමණි. මැදියම් රැයේ නැගී සිටි ඔහු නගර දොරටුවේ දොරවලට අත තබා, ඒ සමඟ උළුවහු කණු දෙක ද අගුළු පිටින් ම උගුල්ලා ගත්තේ ය. පසුව ඒවා කර තබා ගත් ඔහු, හෙබ්‍රොන්ට මුහුණ ලා පිහිටි කඳු මුදුනට ඒවා ගෙන ගියේ ය. මින් මද කලකට පසු, සොරේක් මිටියාවතේ දෙලීලා නම් ළඳකට ඔහු පෙම් කරන්නට වන්නේ ය. එවිට, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඇය හමුවට ගොස්, ඇය අමතමින්, “ඔහුගේ ඒ මහා ශක්තියේ රහස කවරේ ද යන්නත්, අප විසින් ඔහු බැඳ, දමනය කරන පිණිස, අපට ඔහු යටත් කර ගත හැක්කේ කෙසේ ද යන්නත්, ඔබට පෙන්වා දෙන හැටියට ඔහු පොලඹවන්න. අපි හැම කෙනෙක් ම ඔබට රිදී ෂෙකෙල් එක්දහස් එකසියය බැගින් දෙන්නෙමු” යි කීහ. එබැවින් දෙලීලා, සම්සොන් අමතමින්, “ඔබේ මහා ශක්තියේ රහස කවරේ ද, ඔබ බැඳ, දමනය කළ හැක්කේ කෙසේ ද කියා මට කියන්නැ” යි කීවා ය. සම්සොන් පිළිතුරු දෙමින්, “නො වියළූ, අමු දුනු-දිය පොට හතකින් ඔවුන් බැඳ දැමුවහොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම මිනිසකු වගේ වේ යැ” යි කීවේ ය. එකල, පිලිස්ති පාලකයෝ නො වියළූ අමු දුනු-දිය පොට හතක් ඇය වෙත ගෙන ආහ. ඈ ඒවායින් ඔහු බැන්දා ය. ඇතුළු කුටියේ මිනිසුන් සැඟවී රැක සිටියදී, ඇය ඔහුට හඬ ගසමින්, “සම්සොන්! ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට, ගින්නට ළං කළ නූලක් සැණෙක කැඩී යන පරිදි, ඔහු පහසුවෙන් දුනු-දිය පොටවල් කඩා දැමී ය. එබැවින් ඔහුගේ ශක්තියේ රහස අනාවරණ නො වී ය. දෙලීලා ඉන්පසු සම්සොන් අමතමින්, “ඔන්න! ඔබ මා රැවටුවා; මට බොරු කීවා. හොඳයි දැන්වත් කරුණාකර මට කියන්න ඔබ බැඳ දැමිය හැක්කේ කෙසේ ද කියා” යි කීවා ය. එවිට ඔහු, “කලින් කිසි විටෙක පාවිච්චි නො කරන ලද අලුත් කඹවලින් ඔවුන් තද කොට මා බැන්දොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වේ යැ” යි කීවේ ය. එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන, ඒවායින් ඔහු බැඳ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑගෑවා ය. මිනිස්සු ඇතුළු කුටියේ සැඟවී රැක සිටියහ. එහෙත් ඔහු තම බාහු බැඳි කඹ පට, නූල්පට පරිදි කඩා දැමී ය. දෙලීලා යළි සම්සොන් අමතමින්, “මේ දක්වා ම ඔබ මා රැවටුවා. මට බොරු කීවා. ඔබ බැඳ දැමිය හැක්කේ කෙසේදැයි දැන්වත් මට කියන්නැ” යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “මගේ හිසේ හැඩපලු හත රෙදි වියනයක වියා, නඩාවෙහි එය හිරකර තැබුවහොත් අන් ඕනෑ ම කෙනකු මෙන් මා ද දුබල වෙතැ” යි කීවේ ය. එබැවින් ඔහු නිදා සිටි අතරේ දෙලීලා ඔහුගේ හිසේ හැඩපලු රෙද්දක් සේ වියා, කටුවක් ගසා හිරකොට, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට නින්දෙන් අවදි වූ සම්සොන් නඩාව ද වියමන හා වියනය ද ගලවා දැමී ය. එවිට ඈ ඔහු අමතමින්, “ඔබේ හිත මා වෙත නැතිව, ‘මා ඔබට ආදරේ’ යි ඔබ කියන්නේ කොහොම ද? ඔබ මා රැවටූ තුන් වන වතාවයි මේ. ඔබේ මහා ශක්තියේ රහස මට කීවේ නැතැ” යි කීවා ය. මෙසේ නෝක්කඩු කියමින්, ඈ ඔහුට ජීවිතය එපා වන තුරු දවසක් නෑර ම ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු රහස මුළුමනින් ඇයට කීවේ ය. “කිසි දිනෙක මගේ හිසට දැළි පිහියක් තබා නැත. මම මවු කුස පටන් දෙවියන්වහන්සේට වෙන් කෙරුණු නසිරීයයෙක්මි. මගේ හිස මුඩු කළහොත්, මගේ ශක්තිය මා හැර යයි. මා දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වෙතැ” යි කීවේ ය. අන්තිමේදී ඔහු ඒ රහස මුළුමනින් තමාට පැවසූ වග වටහා ගත් දෙලීලා, පිලිස්ති පාලකයින් වෙත පණිවුඩ යැවුවා ය. “මේ වතාවේත් එන්න. ඔහු මට හැම දෙයක් ම පැවසී යැ” යි දැන්වූවා ය. එබැවින් පිලිස්තීය පාලකයෝ, රිදී ද අතැතිව යළි ආහ. ඈ, තම උකුළේ ඔහුට නිදන්නට සලසා, මිනිසකු කැඳවා, ඔහුගේ හිසකේ හැඩපලු හත බූ ගෑවූවා ය. ඉන්පසු ඈ ඔහුට පීඩා කරන්නට වූවා ය. ඔහුගේ ශක්තිය, ඔහු හැර ගියේ ය. ඉන්පසු ඈ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට තම නින්දෙන් අවදි වූ ඔහු, “මම පිටතට ගොස්, පෙර වතාවලදී මෙන් මිදෙන්නෙමි” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ තමා හැර ගොස් ඇති වග ඔහු නො දත්තේ ය. එවිට පිලිස්තිවරු ඔහු අල්ලා, ඔහුගේ ඇස් උගුලා, ගාසා වෙත ඔහු ගෙන ගියහ. ලෝකඩ විලංගුවෙන් බඳිනු ලැබ, සිරගෙදර ඇඹරුම් වැඩෙහි ඔහු යොදවනු ලැබිණ.
විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 Sinhala Revised Old Version (SROV)
සම්සොන් ගාසාට ගොස් එහි වේශ්‍යා ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය. සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය. සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය. ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: නුඹ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය. දෙලීලා: නුඹේ මහත් ශක්තිය තිබෙන්නේ කොතනද කියාත් පීඩාකරන පිණිස නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියාත් මට කියාන්නැයි සම්සොන්ට කීවාය. සම්සොන්ද: නොවේලාපු අලුත් රෑන් සතකින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේලාපු අලුත් රෑන් සතක් ඈට ගෙනක් දුන්නෝය, ඈ එයින් ඔහු බැන්දාය. මනුෂ්‍යයෝ ඈ වෙත ඇතුල්ගෙයි සැඟවී බලාගන සිටියෝය. ඈ වනාහි: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. එවිට ඔහු හණ නූලක් ගින්නේ තැවරෙන විටම කැඩෙන්නාක් මෙන් ඒ රෑන් කඩාදැමීය. මෙසේ ඔහුගේ ශක්තිය දැනනොගන්නා ලද්දේය. නුඹ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය. ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය. එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය. දෙලීලා සම්සොන්ට කථාකොට: නුඹ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි කීවාය. ඔහුද: නුඹ මාගේ හිසේ සැඩපළු සත නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඈට කීවේය. ඈද ඇණයෙන් ඒවා තදකොට: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගළවා දැමුවේය. එවිට ඈ: නුඹේ සිත මා වෙත නැතිකොට නුඹ මට ආදරේය කියා කියන්නේ කොහොමද? නුඹ දැන් තුන්වරක්ම මා රැවටුවෙහිය, නුඹේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය. ඉන්පසු ඈ සැමදාම ඇගේ වචනවලින් ඔහුට බලකරමින් ඔහු මැරෙන තරම් ඔහුට කරච්චල්කළ කල්හි, ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය. ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය. ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය. ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය. නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.
විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 Sinhala New Revised Version (NRSV)
සම්සොන් ගාසා නගරයට ගොස් එහි වෙසඟනක දැක ඈ වෙත ගියේ ය. “සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. “පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය. සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය. ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කෙළේ ය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය. දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන ද කියාත්, ඔබ දමනය කරන පිණිස ඔබ බඳින්නට පුළුවන් කුමකින් ද කියාත් මට කරුණාකර කියන්නැ”යි කීවා ය. සම්සොන් පිළිතුරු දෙමින්, “නොවේළූ අලුත් දුනු ලණු සතකින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කී ය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේළූ අලුත් දුනු ලණු සතක් ඈට ගෙනවුත් දුන්හ. ඈ එයින් ඔහු බැන්දා ය. මිනිස්සු ගෙයි ඇතුළු කාමරයක සැඟවී බලාගෙන සිටියෝ ය. ඈ කතා කොට, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්න එති”යි ඔහුට කෑ ගසා කීවා ය. එවිට ඔහු, හණ නූලක් ගින්න වැදුණු විට ම කැඩෙන්නාක් මෙන් ඒ දුනු ලණු කඩා දැමුවේ ය. එබැවින් ඔව්හු ඔහුගේ යෝධ ශක්තියේ රහස නොදත්හ. දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය. එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය. එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය. දෙලීලා ඔහු නින්දට පමුණුවා, ඔහුගේ කෙස් රොදවල් සත ගෙන, රෙදි වියමනත් සමඟ ඒවා ගොතා, ඇබයකින් තද කර, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කෑ ගැසුවා ය. එහෙත් ඔහු පිබිද, ඔහුගේ හිස කෙස් ද රෙදි වියන යන්ත්‍රය ද ඇබය ද අහකට ඇදගත්තේ ය. එවිට ඈ, “ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය. ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය. එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය. සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, “මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ. ඈ තමාගේ උකුල පිට ඔහු නිදි කරවා, මිනිසෙකු කැඳවා, ඔහුගේ හිසේ කෙස් රොදවල් සත කපා දමා, ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත්, ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ ව ගොස් තිබුණේ ය. ඈ ද, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කීවා ය. එවිට සම්සොන් නින්දෙන් පිබිද, සමිඳාණන් වහන්සේ තමා කෙරෙන් අහක් ව ගිය බව නොදැන, වෙන වතාවල දී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස් වන්නෙමි”යි සිතුවේ ය. එහෙත්, පිලිස්තිවරු ඔහු අල්ලාගෙන, ඔහුගේ ඇස් උගුලාදමා, ගාසා නගරයට ගෙන ගොස්, ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 New International Version (NIV)
One day Samson went to Gaza, where he saw a prostitute. He went in to spend the night with her. The people of Gaza were told, “Samson is here!” So they surrounded the place and lay in wait for him all night at the city gate. They made no move during the night, saying, “At dawn we’ll kill him.” But Samson lay there only until the middle of the night. Then he got up and took hold of the doors of the city gate, together with the two posts, and tore them loose, bar and all. He lifted them to his shoulders and carried them to the top of the hill that faces Hebron. Some time later, he fell in love with a woman in the Valley of Sorek whose name was Delilah. The rulers of the Philistines went to her and said, “See if you can lure him into showing you the secret of his great strength and how we can overpower him so we may tie him up and subdue him. Each one of us will give you eleven hundred shekels of silver.” So Delilah said to Samson, “Tell me the secret of your great strength and how you can be tied up and subdued.” Samson answered her, “If anyone ties me with seven fresh bowstrings that have not been dried, I’ll become as weak as any other man.” Then the rulers of the Philistines brought her seven fresh bowstrings that had not been dried, and she tied him with them. With men hidden in the room, she called to him, “Samson, the Philistines are upon you!” But he snapped the bowstrings as easily as a piece of string snaps when it comes close to a flame. So the secret of his strength was not discovered. Then Delilah said to Samson, “You have made a fool of me; you lied to me. Come now, tell me how you can be tied.” He said, “If anyone ties me securely with new ropes that have never been used, I’ll become as weak as any other man.” So Delilah took new ropes and tied him with them. Then, with men hidden in the room, she called to him, “Samson, the Philistines are upon you!” But he snapped the ropes off his arms as if they were threads. Delilah then said to Samson, “All this time you have been making a fool of me and lying to me. Tell me how you can be tied.” He replied, “If you weave the seven braids of my head into the fabric on the loom and tighten it with the pin, I’ll become as weak as any other man.” So while he was sleeping, Delilah took the seven braids of his head, wove them into the fabric and tightened it with the pin. Again she called to him, “Samson, the Philistines are upon you!” He awoke from his sleep and pulled up the pin and the loom, with the fabric. Then she said to him, “How can you say, ‘I love you,’ when you won’t confide in me? This is the third time you have made a fool of me and haven’t told me the secret of your great strength.” With such nagging she prodded him day after day until he was sick to death of it. So he told her everything. “No razor has ever been used on my head,” he said, “because I have been a Nazirite dedicated to God from my mother’s womb. If my head were shaved, my strength would leave me, and I would become as weak as any other man.” When Delilah saw that he had told her everything, she sent word to the rulers of the Philistines, “Come back once more; he has told me everything.” So the rulers of the Philistines returned with the silver in their hands. After putting him to sleep on her lap, she called for someone to shave off the seven braids of his hair, and so began to subdue him. And his strength left him. Then she called, “Samson, the Philistines are upon you!” He awoke from his sleep and thought, “I’ll go out as before and shake myself free.” But he did not know that the LORD had left him. Then the Philistines seized him, gouged out his eyes and took him down to Gaza. Binding him with bronze shackles, they set him to grinding grain in the prison.