විනිශ්චයකාරයන්ගේ පොත 10:6-8

විනිශ්චයකාරයන්ගේ පොත 10:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළහ. ඔවුහු බාල් දේවතාවුන් ද අෂ්තොරෙත් දේවතාවියන් ද අරාම්හි දෙවිවරුන් ද සීදොන්හි දෙවිවරුන් ද මෝවබ්හි දෙවිවරුන් ද අම්මොන්වරුන්ගේ දෙවිවරුන් හා පිලිස්තිවරුන්ගේ දෙවිවරුන් ද නමදින්නට වන්හ. මෙසේ ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, උන්වහන්සේට නමස්කාර නො කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ පිලිස්තිවරුන් අතටත්, අම්මොන්වරුන් අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔවුහු ඒ අවුරුද්දේ ඉශ්‍රායෙල්වරුන් වනසාලමින්, ඔවුන් පොඩිකර දැමූහ. යොර්දානයට නැගෙනහිරින්, අමෝරිවරුන්ගේ දේශය වූ ගිලියාද්හි දී ඔවුහු දහඅට අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුනට පීඩා කළහ.

විනිශ්චයකාරයන්ගේ පොත 10:6-8 Sinhala Revised Old Version (SROV)

ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ ඔවුන් පිලිස්තිවරුන් අතටද අම්මොන් පුත්‍රයන් අතටද පාවාදුන්සේක. ඔව්හු ඒ අවුරුද්ද පටන් දසඅට අවුරුද්දක් යොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයෙහි සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පීඩාකොට ඔවුන් මැඩලුවෝය.

විනිශ්චයකාරයන්ගේ පොත 10:6-8 Sinhala New Revised Version (NRSV)

ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක. ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 10:6-8 Sinhala New Revised Version 2018 (SNRV)