විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36
විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යූදා ජනයා තම සහෝදර සිමියොන් ජනයාට කතා කොට, “කානානිවරුන්ට එරෙහිව අප හා සමඟ සටන් කරන පිණිස, අපට වෙන් කර ඇති පළාතට අප සමඟ එන්න. පසුව අපත් ඔබ සමඟ ඔබට වෙන් වූ පළාතට යන්නෙමු” යි කීහ. එබැවින් සිමියොන් ජනයා ඔවුන් සමඟ ගියහ. එසේ යූදා ජනයා ගියහ. ස්වාමින්වහන්සේ කානානිවරුන් හා පෙරිස්සිවරුන් ඔවුන්ට යටත් කර දුන් සේක. ඔවුහු බෙසෙක්හි දී ඔවුන් දස දහසක් පරාජය කළහ. බෙසෙක්හි දී අදොනී-බෙසෙක් ඔවුන්ට හමු විය. එහිදී ඔහුට එරෙහිව සටන් වැදුණු ඔවුහු කානානිවරුන් හා පෙරිස්සිවරුන් පරාජය කළහ. අදොනී-බෙසෙක් පලා ගියේ ය. එහෙත්, ඔහු ලුහුබැඳ ගිය ඔවුහු ඔහු අල්ලා, ඔහුගේ අත් පාහි මහපටැඟිලි කපා දැමූහ. එවිට අදොනී-බෙසෙක් කතා කොට, “අත් පාහි මහපටැඟිලි කපා දමන ලද රජවරු හැත්තෑ දෙනෙක්, මගේ මේසය යටට වැටෙන ඉතිරි කැබලි අහුලා ගන්නට පුරුදු වී සිටියහ. මා කළ පරිදි දෙවියන්වහන්සේ දැන් මට කළ සේකැ” යි කීවේ ය. ඔවුහු යෙරුසලමට ඔහු ගෙන ආහ. එහිදී ඔහු මළේ ය. ඉන්පසු යූදා පුත්‍රයෝ යෙරුසලමට එරෙහිව සටන් කොට, එය අල්ලා ගත්හ. ඔවුහු කඩු මුවහතින් ඊට පහර දී, පුරවරය ගිනිලූහ. ඉන් අනතුරුව යූදා ජනයා කඳුකරයෙහි ද නෙගෙබ්හි ද බටහිර කඳු බෑවුමෙහි ද වෙසෙන කානානිවරුන්ට එරෙහිව සටනට පිටත් ව ගියහ. ඔවුහු හෙබ්‍රොන්හි විසූ කානානිවරුන්ට එරෙහිව ගියහ. (කලින්, හෙබ්‍රොන් හැඳින්වූයේ කිර්යත්-අර්බා නමිනි.) ඔවුහු ෂේෂයි, අහීමන් හා තල්මයි පරාජය කළහ. ඔවුහු එතැනින් දෙබීර් වැසියනට එරෙහිව ගියහ. කලින් දෙබීර් හැඳින්වූයේ කිරියත්-සේෆෙර් නමිනි. කාලෙබ් කතා කොට, “කිරියත්-සේෆෙර්ට පහර දී, එය අල්ලා ගන්නේ කවරෙක් ද ඔහුට මගේ දූ අක්සා, බිරිඳ වශයෙන් දෙන්නෙමි” යි පැවසී ය. කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලා ගත්තේ ය. එබැවින් ඔහු තම දූ අක්සා ඔහුට බිරිඳ කොට දුන්නේ ය. ඈ ඔහු වෙත ආ කල, ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහුට බල කළා ය. ඇය තම බූරුවා පිටින් බැස්ස කල, කාලෙබ්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය. ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මට වරයක් දෙන්න. ඔබ මට නෙගෙබ් දේශය දී තිබෙන බැවින් ජල උල්පතුත් දෙන්නැ” යි කීවා ය. එබැවින් කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඇයට දුන්නේ ය. මෝසෙස්ගේ මාමණ්ඩිය වූ කේනීයයාගෙන් පැවත එන්නෝ ඉඳි ගස් පුර සිට යූදා ජනයා සමඟ යූදා කාන්තාරයට ගියහ. එය පිහිටියේ අරාද් අසල නෙගෙබ්හි ය. ඔහු එහි ගොස්, ජනයා අතර එහි පදිංචි වූහ. ඉන්පසු යූදා ජනයා තම සහෝදර සිමියොන් ජනයා සමඟ ගොස්, සෙෆත්හි විසූ කානානිවරුන්ට පහර දී, එය විනාශයට කැප කළහ. එබැවින්, එම පුරවරය හොර්මා නමින් හැඳින් වේ. යූදා, ගාසා හා එහි භූමි ප්‍රදේශය ද අෂ්කෙලොන් හා එහි භූමි ප්‍රදේශය ද එක්‍රෝන් හා එහි භූමි ප්‍රදේශය ද අල්ලා ගත්හ. ස්වාමින්වහන්සේ යූදා ජනයා සමඟ වූ සේක. ඔවුහු කඳුකරය අත්පත් කර ගත්හ. එහෙත්, මිටියාවතේ ජනයා පන්නා දැමීමට ඔවුහු අපොහොසත් වූහ. මන්ද ඔවුන් සතු ව යකඩ යුද්ධ රථ තිබූ බැවිනි. මෝසෙස් පවසා තිබූ පරිදි හෙබ්‍රොන්, කාලෙබ්ට දෙන ලදී. ඔහු අනාක්ගේ පුතුන් තිදෙනා එතැනින් පන්නා දැමී ය. එහෙත් බෙන්යමින් ජනයා යෙරුසලමෙහි විසූ යෙබූසිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් යෙබූසිවරු මේ දක්වාත් බෙන්යමින් ජනයා සමඟ යෙරුසලමෙහි වෙසෙති. යෝසෙප් වංශිකයෝ ද බෙතෙල්ට එරෙහිව ගියහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වූ සේක. යෝසෙප් වංශිකයෝ ඔත්තු බලන පිණිස බෙතෙල් වෙත මිනිසුන් යැවූහ. කලින් එපුරවරයේ නාමය වූයේ ලූස් ය. නගරයෙන් පිටතට මිනිසකු එනු දුටු ඔත්තුකරුවෝ, ඔහුට කතා කොට, “නගරයට ඇතුළු වන හැටි අපට පෙන්වන්න. අපිත් ඔබට කරුණාව දක්වන්නෙමු” යි කීහ. ඔහු ඔවුන්ට නගරය තුළට මං පෙන්වී ය. ඔවුහු එහි වැද, නගරය ම කඩු ගෑ නමුදු, ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් යන්නට හැරියහ. ඒ මිනිසා හිත්තිවරුන්ගේ දේශයට ගොස්, නුවරක් ගොඩ නගා, ඊට ලූස් යැයි නම් තැබී ය. මේ දක්වාත් එහි නම එය ම ය. එහෙත්, මනස්සේ ජනයා බෙත්-ෂෙයාන් සහ එහි ගම්මානවල ද තානක් සහ එහි ගම්මානවල ද පදිංචිකරුවන් හෝ දෝර් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ ඉබ්ලෙයාම් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ මෙගිද්දෝ සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු දිගට ම දේශයෙහි වාසය කරන්නට අදිටන් කර ගෙන සිටියහ. ඉශ්‍රායෙල් වඩා බලවත් වූ කල, ඔවුහු කානානිවරුන් බර වැඩෙහි යෙදවූහ. එහෙත් සහමුලින් ම ඔවුන් පන්නා දැමුවේ නැත. එප්‍රායිම් ද ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් කානානිවරු ඔවුන් සමඟ ගෙසෙර්හි වාසය කළහ. සාබුලොන් ද කිට්රොන්හි වාසය කළවුන් හා නහලොල්හි වාසය කළවුන් පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු ඔවුන් අතරෙහි වෙසෙමින්, බර වැඩට යටත් වූහ. ආෂෙර් ද අක්කෝ වාසීන් හෝ සීදොන් වාසීන් හෝ අහ්ලාබ් වාසීන් හෝ අක්සීබ් හෝ හෙල්බා හෝ අෆේක් හෝ රෙහොබ් වාසීන් පන්නා දැමුවේ නැත. එබැවින් ආෂෙර් ජනයා දේශ වාසීන් වූ කානානිවරුන් අතරෙහි ම වාසය කළහ. මන්ද ඔවුහු ඔවුන් පන්නා දැමුවේ නැති බැවිනි. නෆ්තලී ද බෙත්-ෂෙමෙෂ් වාසීන් හෝ බෙත්-අනාත් වාසීන් හෝ පලවා හැරියේ නැත. ඔවුහු දේශ වාසීන් වූ කානානිවරුන් අතරෙහි ම පදිංචි වූහ. කෙසේ වෙතත් බෙත්-ෂෙමෙෂ් හා බෙත්-අනාත් වාසීහු ඔවුන්ගේ බර වැඩට උර දුන්හ. අමෝරිවරු, දාන් ජනතාව කඳුරටට සීමා කොට, ඉන් ඔබ්බට පහළ නිම්නයට ඒමට ඔවුනට ඉඩ නො දුන්හ. අමෝරිවරු හෙරෙස් කන්ද ද අයියාලොන් හා ෂාල්බීම් ද යන පෙදෙස්හි වසන්නට ම අදිටන් කර ගෙන සිටි නමුදු, යෝසෙප් වංශිකයින්ගේ බලය වැඩි වූ කල්හි බර වැඩට ඔවුහු යටත් කරනු ලැබූහ. අමෝරිවරුන්ගේ දේශ සීමා වූයේ ගෝනුසු මංකඩ නැග්ම සිට සෙලා හා ඉන් ඔබ්බට ය.
විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36 Sinhala Revised Old Version (SROV)
යූදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් නුඹේ උරුම කොටසට නුඹ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය. යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය. බෙශෙක්හිදී අදොනි-බෙශෙක් ඔවුන්ට සම්බවුණේය. ඔව්හු ඔහුට විරුද්ධව යුද්ධකොට කානානිවරුන්ටත් පෙරිස්සිවරුන්ටත් පහරදුන්නෝය. නුමුත් අදොනි-බෙශෙක් පලාගියේය; ඔව්හු ඔහු පස්සේ එළවාගෙන ගොස් ඔහු අල්ලා, ඔහුගේ අත්පාවල මාපට ඇඟිලි කපාදැමුවෝය. අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය. යූදා පුත්‍රයෝ යෙරුසලමට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලාගෙන, ඊට කඩුමුවහතින් පහරදී, නුවර ගිනිලෑවෝය. ඉන්පසු යූදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය. එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය. එතැනින් ඔහු දෙබීර්හි වැසියන්ට විරුද්ධව ගියේය. ඉහතදී දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර්ය. කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්ලාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවා දෙන්නෙමියි කීවේය. කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දූවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. තවද ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය, ඈ කොටළුවා පිටින් බැස්සාය. කාලෙබ් ඈට කථාකොට: නුඹට ඕනෑ මොකදැයි ඇගෙන් ඇසීය. ඈද: මට වරයක් දුනමැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය. තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය. යූදාද තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔව්හු ශෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමූවෝය. ඒ නුවරට හොර්මා යන නම තැබූහ. යූදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්‍රොන් හා එහි පළාතද අල්ලාගත්තේය. ස්වාමීන්වහන්සේ යූදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්නාදැමුවේය. නුමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්නාදමන්ට නොහැකිවිය. මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය. බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති. යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක. යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය. රැක සිටියෝද මනුෂ්‍යයෙක් නුවරින් එනවා දැක: නුවරට ඇතුල්වෙන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි නුඹට කරුණාකරන්නෙමුයයි කීවෝය. නුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔව්හු කඩු මුවහතින් නුවරට පහරදුන්නෝය; නුමුත් ඔව්හු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය. ඒ මනුෂ්‍යයා හිත්තීවරුන්ගේ දේශයට ගොස් නුවරක් ගොඩනගා ඊට ලූස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය. මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය. ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය. එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය. සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්නා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ. ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය. ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය; මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය. නප්තලී බෙත්-ෂෙමෙෂ්හි වැසියන්වත් බෙත්-අනාත්හි වැසියන්වත් පන්නා නොදමා රටේ වැසියන්වූ කානානිවරුන් අතරේ වාසය කෙළේය. එසේ වුවත් බෙත්-ෂෙමෙෂ්හිද බෙත්-අනාත්හිද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත්වුණෝය. අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝය. අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය. අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.
විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36 Sinhala New Revised Version (NRSV)
ජුදාගේ ගෝත්‍රය සිමියොන් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියොන්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ. ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය. බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය. එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ. අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය. ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය. ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය. එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය. ඔව්හු එතැනින් දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියෝ ය. කලින් දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර් ය. කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා බිරිඳ කොට පාවා දෙන්නෙමි”යි කීවේ ය. කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට බිරිඳ කොට විවාහ කර දුන්නේ ය. ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය. ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය. කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය. ජුදා සෙනඟ තමන් සහෝදර සිමියොන් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී. ජුදා සෙනඟ ගාසා, අෂ්කෙලොන් සහ එක්‍රොන් යන නගර ද ඒවාට අයත් පළාත් ද අල්ලාගත්හ. සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය. මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නගරය දුන්නෝ ය. ඔහු එතැනින් අනාක්ගේ පුත්‍රයන් තිදෙනා පන්නා දැමී ය. බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති. ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක. ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය. ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය. නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය. ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය. මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය. ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය. එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය. සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ. ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය. ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය. නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය. අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය. අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය. අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36 New International Version (NIV)
The men of Judah then said to the Simeonites their fellow Israelites, “Come up with us into the territory allotted to us, to fight against the Canaanites. We in turn will go with you into yours.” So the Simeonites went with them. When Judah attacked, the LORD gave the Canaanites and Perizzites into their hands, and they struck down ten thousand men at Bezek. It was there that they found Adoni-Bezek and fought against him, putting to rout the Canaanites and Perizzites. Adoni-Bezek fled, but they chased him and caught him, and cut off his thumbs and big toes. Then Adoni-Bezek said, “Seventy kings with their thumbs and big toes cut off have picked up scraps under my table. Now God has paid me back for what I did to them.” They brought him to Jerusalem, and he died there. The men of Judah attacked Jerusalem also and took it. They put the city to the sword and set it on fire. After that, Judah went down to fight against the Canaanites living in the hill country, the Negev and the western foothills. They advanced against the Canaanites living in Hebron (formerly called Kiriath Arba) and defeated Sheshai, Ahiman and Talmai. From there they advanced against the people living in Debir (formerly called Kiriath Sepher). And Caleb said, “I will give my daughter Aksah in marriage to the man who attacks and captures Kiriath Sepher.” Othniel son of Kenaz, Caleb’s younger brother, took it; so Caleb gave his daughter Aksah to him in marriage. One day when she came to Othniel, she urged him to ask her father for a field. When she got off her donkey, Caleb asked her, “What can I do for you?” She replied, “Do me a special favor. Since you have given me land in the Negev, give me also springs of water.” So Caleb gave her the upper and lower springs. The descendants of Moses’ father-in-law, the Kenite, went up from the City of Palms with the people of Judah to live among the inhabitants of the Desert of Judah in the Negev near Arad. Then the men of Judah went with the Simeonites their fellow Israelites and attacked the Canaanites living in Zephath, and they totally destroyed the city. Therefore it was called Hormah. Judah also took Gaza, Ashkelon and Ekron—each city with its territory. The LORD was with the men of Judah. They took possession of the hill country, but they were unable to drive the people from the plains, because they had chariots fitted with iron. As Moses had promised, Hebron was given to Caleb, who drove from it the three sons of Anak. The Benjamites, however, did not drive out the Jebusites, who were living in Jerusalem; to this day the Jebusites live there with the Benjamites. Now the tribes of Joseph attacked Bethel, and the LORD was with them. When they sent men to spy out Bethel (formerly called Luz), the spies saw a man coming out of the city and they said to him, “Show us how to get into the city and we will see that you are treated well.” So he showed them, and they put the city to the sword but spared the man and his whole family. He then went to the land of the Hittites, where he built a city and called it Luz, which is its name to this day. But Manasseh did not drive out the people of Beth Shan or Taanach or Dor or Ibleam or Megiddo and their surrounding settlements, for the Canaanites were determined to live in that land. When Israel became strong, they pressed the Canaanites into forced labor but never drove them out completely. Nor did Ephraim drive out the Canaanites living in Gezer, but the Canaanites continued to live there among them. Neither did Zebulun drive out the Canaanites living in Kitron or Nahalol, so these Canaanites lived among them, but Zebulun did subject them to forced labor. Nor did Asher drive out those living in Akko or Sidon or Ahlab or Akzib or Helbah or Aphek or Rehob. The Asherites lived among the Canaanite inhabitants of the land because they did not drive them out. Neither did Naphtali drive out those living in Beth Shemesh or Beth Anath; but the Naphtalites too lived among the Canaanite inhabitants of the land, and those living in Beth Shemesh and Beth Anath became forced laborers for them. The Amorites confined the Danites to the hill country, not allowing them to come down into the plain. And the Amorites were determined also to hold out in Mount Heres, Aijalon and Shaalbim, but when the power of the tribes of Joseph increased, they too were pressed into forced labor. The boundary of the Amorites was from Scorpion Pass to Sela and beyond.