යූදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් නුඹේ උරුම කොටසට නුඹ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය. යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය. බෙශෙක්හිදී අදොනි-බෙශෙක් ඔවුන්ට සම්බවුණේය. ඔව්හු ඔහුට විරුද්ධව යුද්ධකොට කානානිවරුන්ටත් පෙරිස්සිවරුන්ටත් පහරදුන්නෝය. නුමුත් අදොනි-බෙශෙක් පලාගියේය; ඔව්හු ඔහු පස්සේ එළවාගෙන ගොස් ඔහු අල්ලා, ඔහුගේ අත්පාවල මාපට ඇඟිලි කපාදැමුවෝය. අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය. යූදා පුත්‍රයෝ යෙරුසලමට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලාගෙන, ඊට කඩුමුවහතින් පහරදී, නුවර ගිනිලෑවෝය. ඉන්පසු යූදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය. එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය. එතැනින් ඔහු දෙබීර්හි වැසියන්ට විරුද්ධව ගියේය. ඉහතදී දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර්ය. කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්ලාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවා දෙන්නෙමියි කීවේය. කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දූවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. තවද ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය, ඈ කොටළුවා පිටින් බැස්සාය. කාලෙබ් ඈට කථාකොට: නුඹට ඕනෑ මොකදැයි ඇගෙන් ඇසීය. ඈද: මට වරයක් දුනමැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය. තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය. යූදාද තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔව්හු ශෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමූවෝය. ඒ නුවරට හොර්මා යන නම තැබූහ. යූදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්‍රොන් හා එහි පළාතද අල්ලාගත්තේය. ස්වාමීන්වහන්සේ යූදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්නාදැමුවේය. නුමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්නාදමන්ට නොහැකිවිය. මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය. බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති. යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක. යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය. රැක සිටියෝද මනුෂ්‍යයෙක් නුවරින් එනවා දැක: නුවරට ඇතුල්වෙන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි නුඹට කරුණාකරන්නෙමුයයි කීවෝය. නුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔව්හු කඩු මුවහතින් නුවරට පහරදුන්නෝය; නුමුත් ඔව්හු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය. ඒ මනුෂ්‍යයා හිත්තීවරුන්ගේ දේශයට ගොස් නුවරක් ගොඩනගා ඊට ලූස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය. මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය. ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය. එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය. සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්නා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ. ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය. ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය; මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය. නප්තලී බෙත්-ෂෙමෙෂ්හි වැසියන්වත් බෙත්-අනාත්හි වැසියන්වත් පන්නා නොදමා රටේ වැසියන්වූ කානානිවරුන් අතරේ වාසය කෙළේය. එසේ වුවත් බෙත්-ෂෙමෙෂ්හිද බෙත්-අනාත්හිද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත්වුණෝය. අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝය. අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය. අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිශ්චයකාරයන්ගේ පොත 1:3-36
5 Days
Trust, Endurance, Community, and Rest are all hard principles to maintain in a culture that pushes us to be independent and self-sufficient. This devotional will walk you through each of these biblical principles and show you how you can cultivate trust in life, throughout your faith journey.
10 Days
The book of Judges reveals the remarkable story of Jael, a woman whose decisive courage changed the course of a nation’s battle. In this devotional, Amorita Weaver guides us through Jael's story, uncovering the cultural, spiritual, and personal significance of Jael’s actions.
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with the Bible. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “Sustained by God’s Word of Faith.”
Daily Bible Reading helps you build consistent interaction with Scripture. Background, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers prompted by today’s passage all help you connect with God and others. Journey with us this month and explore the theme “God’s Guiding Word: Faith"
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ