යෙසායා 65:17-23

යෙසායා 65:17-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මෙන්න! මම අලුත් අහස් හා අලුත් පොළොවක් මවන්නෙමි. පළමු දේවල් මතක් කරනු ලබන්නේවත්, ඒවා සිහියට නැගෙන්නේවත් නැත. එහෙත් මා විසින් මවනු ලබන දෑ තුළ සදහට ම ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මෙන්න, මම යෙරුසලම ප්‍රමෝදයක් ද එහි ජනයා ප්‍රීතියක් ද කර මවන්නෙමි. මම යෙරුසලම ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මගේ ජනයා තුළෙහි ප්‍රමෝද වන්නෙමි. වැලපීමේ හඬක් හා විපත්තියේ විලාපයක් ඒ තුළ තවත් ඇසෙනු නැත. “ටික දිනකින් අකාලයේ මියැදෙන ළදරුවකු මෙන් ම පරම ආයුෂ නො විඳ මියැදෙන මහල්ලකු යළි එහි නො වනු ඇත. සිය වන වයසේ මියයන්නා ගණන් ගැනෙන්නේ යෞවනයකු කියා ය. සිය වන වියට පා නො තැබූ කෙනකු ගණන් ගැනෙන්නේ ශාප ලද්දකු කියා ය. ඔවුන් ගෙවල් තනා, ඒවායේ වාසය කරනු ඇත. ඔවුන් මිදි වතු වවා, එහි පල භුක්ති විඳිනු ඇත. අනුන්ගේ පදිංචියට ඔවුන් ගෙවල් තනන්නේ නැත. අනුන්ගේ පරිභෝජනයට ඔවුන් වගා කරන්නේ නැත. මගේ ජනයාගේ ආයු කාලය, වෘක්ෂයක ආයු කාලය මෙන් වන්නේ ය. මගේ තෝරා ගත්තවුන් තම අත්වල පල දිගු කල් භුක්ති විඳිනු ඇත. ඔවුන් නිරර්ථක ලෙස වෙහෙසවන්නේවත්, දුක්ඛිත ඉරණමකට දරුවන් බිහි කරන්නේවත් නැත. මන්ද ඔවුහු ද ඔවුන් සමඟ ඔවුන්ගේ දරු පරපුර ද ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දෝ වෙති.

යෙසායා 65:17-23 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්දකොට මවමි. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය. දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත. ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.

යෙසායා 65:17-23 Sinhala New Revised Version (NRSV)

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි; පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත. මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති. මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය. ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ. ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය. ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය. ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.

යෙසායා 65:17-23 Sinhala New Revised Version 2018 (SNRV)