යෙසායා 65:17-23

යෙසායා 65:17-23 SNRV

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි; පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත. මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති. මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය. ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ. ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය. ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය. ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 65:17-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය