යෙසායා 64:1-7
යෙසායා 64:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ඉදිරියෙහි කඳු වෙවුලුම් කන පිණිස, අහෝ ඔබ අහස ඉරාගෙන පහළ බැස එන්නේ නම්! ගින්න, වන-ලැහැබ් ගිනි අවුළුවන්නා සේ, ගින්න, වතුර උතුරන්නට සලසන්නා සේ ඔබේ සතුරනට ඔබේ නාමය දන්වන පිණිස, ඔබ ඉදිරියේ ජාතීන් වෙවුලන පිණිස, ඔබ පහළ බැස එන්නේ නම්! මන්ද අප අපේක්ෂා නො කළ බියකරු දෑ ඔබ සිදු කළ කල්හි, ඔබ පහළ බැස ආ සේක. ඔබ ඉදිරියේ කඳු වෙවුලී ය. ඔබවහන්සේ මිස, තමන් ගැන බලා සිටින්නන් උදෙසා ක්‍රියා කරන අන් දෙවියන්වහන්සේ කෙනකු ගැන පුරාණ කාලයේ පටන් කිසිවකු අසා නැත. කිසි කනකට දැනී නැත. කිසි ඇසකට පෙනී නැත. ධර්මිෂ්ඨ වැඩ සතුටු සිතින් කරන, ඔබේ මාර්ගවල ගමන් කරමින් ඔබ සිහි තබා ගන්නා අයට ඔබ හමුවන සේක. අපි ඒවාට විරුද්ධ ව පව් කළෙමු; මෙන්න! ඔබ කෝප වෙලා! දිගු කලක් ම අපි පාපයේ පැවතුණෙමු. අප ගලවනු ලැබේ ද? අප සියල්ලන් අපවිත්‍ර කෙනකු බවට පත් ව ඇත; අපේ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා, දූෂිත වස්ත්‍රයක් වැන්න. අප හැම ගහක කොළයක් සේ මැලවී යයි, අපගේ අයුතුකම් සුළඟ සේ අප ඉවත ගසා යවයි. ඔබේ නාමය කියා අයදින කෙනකු නැත. ඔබ අල්ලා ගැනීමට වැර දරන කෙනකු ද නැත. මන්ද ඔබ, අප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත් සේක්, අපගේ අයුතුකම් නිසා අප ක්ෂය වී යන්නට සැලසූ සේක.
යෙසායා 64:1-7 Sinhala Revised Old Version (SROV)
අහෝ ඔබගේ එදිරිකාරයන්ට ඔබගේ නාමය දන්වන පිණිසද ඔබ ඉදිරියෙහි ජාතීන් වෙවුලවන පිණිසද ඔබවහන්සේ අහස පළාගන බසින්ටත්, ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය! අප බලා නොසිටිය භයානක දේ කරමින් ඔබ බැස්සසේක, ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත. ප්‍රීතිවී ධර්මිෂ්ඨකම් කරන්නාවූ, ඔබගේ මාර්ගවලදී ඔබ සිහිකරන්නාවූ අයට ඔබ සම්බවනසේක. මෙන්න, ඔබ කෝපවූසේක. අපි පව්කෙළෙමුව. බොහෝ කලක සිට අපි ඒවායේ පැවතුණෙමුව, අපට ගැළවීම ලැබේද? අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි. ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට හැරියසේක.
යෙසායා 64:1-7 Sinhala New Revised Version (NRSV)
ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත. ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව. අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය. තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය. දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක; අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක; ඔබ කෝප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු. අපට ගැළවීම ලැබේ ද? අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි. ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
යෙසායා 64:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 64:1-7 New International Version (NIV)
Oh, that you would rend the heavens and come down, that the mountains would tremble before you! As when fire sets twigs ablaze and causes water to boil, come down to make your name known to your enemies and cause the nations to quake before you! For when you did awesome things that we did not expect, you came down, and the mountains trembled before you. Since ancient times no one has heard, no ear has perceived, no eye has seen any God besides you, who acts on behalf of those who wait for him. You come to the help of those who gladly do right, who remember your ways. But when we continued to sin against them, you were angry. How then can we be saved? All of us have become like one who is unclean, and all our righteous acts are like filthy rags; we all shrivel up like a leaf, and like the wind our sins sweep us away. No one calls on your name or strives to lay hold of you; for you have hidden your face from us and have given us over to our sins.