යෙසායා 64:1-2
යෙසායා 64:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ඉදිරියෙහි කඳු වෙවුලුම් කන පිණිස, අහෝ ඔබ අහස ඉරාගෙන පහළ බැස එන්නේ නම්! ගින්න, වන-ලැහැබ් ගිනි අවුළුවන්නා සේ, ගින්න, වතුර උතුරන්නට සලසන්නා සේ ඔබේ සතුරනට ඔබේ නාමය දන්වන පිණිස, ඔබ ඉදිරියේ ජාතීන් වෙවුලන පිණිස, ඔබ පහළ බැස එන්නේ නම්!
යෙසායා 64:1-2 Sinhala Revised Old Version (SROV)
අහෝ ඔබගේ එදිරිකාරයන්ට ඔබගේ නාමය දන්වන පිණිසද ඔබ ඉදිරියෙහි ජාතීන් වෙවුලවන පිණිසද ඔබවහන්සේ අහස පළාගන බසින්ටත්, ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!
යෙසායා 64:1-2 Sinhala New Revised Version (NRSV)
ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත. ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.
යෙසායා 64:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත. ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.
යෙසායා 64:1-2 New International Version (NIV)
Oh, that you would rend the heavens and come down, that the mountains would tremble before you! As when fire sets twigs ablaze and causes water to boil, come down to make your name known to your enemies and cause the nations to quake before you!