යෙසායා 55:6-8 - Compare All Versions
යෙසායා 55:6-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න. උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න. දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා. නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා. ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක. ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක. “මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ. ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙසායා 55:6-8 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න. දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත. මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙසායා 55:6-8 NRSV (Sinhala New Revised Version)
හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න. දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත. සමිඳාණන් වන මම මෙසේ පවසමි. “මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ.
යෙසායා 55:6-8 SNRV (Sinhala New Revised Version 2018)
හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න. දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත. සමිඳාණන් වන මම මෙසේ පවසමි. “මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ.
යෙසායා 55:6-8 NIV (New International Version)
Seek the LORD while he may be found; call on him while he is near. Let the wicked forsake their ways and the unrighteous their thoughts. Let them turn to the LORD, and he will have mercy on them, and to our God, for he will freely pardon. “For my thoughts are not your thoughts, neither are your ways my ways,” declares the LORD.