යෙසායා 54:1-10 - Compare All Versions

යෙසායා 54:1-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“දරුවන් නො දැරූ එම්බා වඳ තැනැත්තිය, ගී හඬ නගන්න. ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය, ගී හඬ නගා, ඝෝෂා කරන්න. මන්ද විවාහක තැනැත්තියට වඩා තනිකර දමනු ලැබූ තැනැත්තියට දරුවන් බොහෝ වෙතැ” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ කූඩාරමේ ගෙබිම, පුළුල් කර ගන්න. ඔබේ ගෙබිමේ කූඩාරම් තිර, දිග හරින්න. නවතා නො ගන්න. ඔබේ ලණු පොට ඉතා දීර්ඝ කොට, එහි ඉණි ශක්තිමත් ව සිටුවන්න. මන්ද ඔබ දකුණු දෙසටත්, වම් පසටත් එතෙරට පැතිර යනු ඇත. ඔබේ දරු පරපුර ජාතීන් අයිති කර ගෙන, පාළුවට ගිය නගරවල පදිංචි වනු ඇත. “භය නො වන්න, මන්ද ඔබ ලජ්ජාව විඳින්නේ නැත. නින්දාව ගැන අධෛර්ය නො වන්න, මන්ද ඔබ අවමානයට පත් වන්නේ නැත. මන්ද ඔබේ යෞවනයේ ලජ්ජාව, ඔබට අමතක වනු ඇත. ඔබේ වැන්දඹු භාවයේ නින්දාව, ඔබට තවත් සිහි වන්නේ නැත. මන්ද ඔබේ සැමියා, ඔබේ මැවුම්කරුවාණන් ය. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ඔබේ මිදුම්කරුවාණන් ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ, මුළු පොළොවෙහි දෙවියන්වහන්සේ යනුවෙනි. අත්හැර දමනු ලැබ සිටි, ආත්මයේ සෝ තැවුල් විඳි බිරිඳක වශයෙන් ද පන්නා දමනු ලැබ සිටි විවාපත් තුරුණු බිරිඳක වශයෙන් ද ස්වාමින්වහන්සේ යළි ඔබ කැඳවන සේකැ” යි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක. “එක් සුළු මොහොතකට මම ඔබ අත්හළෙමි. එහෙත් මහා අනුකම්පාවකින් මම යළි ඔබ කැඳවා ගනිමි. කෝපයේ රළ-පතරකින් ඔබ වෙතින් මම, මොහොතකට මගේ මුහුණ සඟවා ගතිමි. එහෙත් සදාතනික ප්‍රේමයෙන් මම ඔබට අනුකම්පා කරමි” යි ඔබේ මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේ පවසන සේක. “මට මෙය නෝවාගේ දවස් වැන්න. නෝවාගේ ගං වතුර යළි කිසි දින පොළෝ තලය වසා ගන්නේ නැතැයි මා දිවුරා ඇති පරිදි, ඔබ කෙරේ කෝප වන්නේ නැති වගට හා යළි කිසි දින ඔබට තරවටු නො කරන වගට මම දැන් දිවුළෙමි. මන්ද කඳු නික්ම යනු ඇත. හෙල් ද ඉවත් කරනු ලබන්නේ ය. එහෙත් ඔබට ඇති මගේ නොමියෙන පෙම ඔබ වෙතින් නික්ම යන්නේ නැත. මගේ සාමයේ ගිවිසුම ද ඉවත් කරනු ලබන්නේ නැතැ” යි ඔබට දයානුකම්පා පානා ස්වාමින්වහන්සේ කියන සේක.

බෙදාගන්න
යෙසායා 54 SCV

යෙසායා 54:1-10 SROV (Sinhala Revised Old Version)

දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න. මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත. භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය. කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ. මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක. මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි. මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක. මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි. මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
යෙසායා 54 SROV

යෙසායා 54:1-10 NRSV (Sinhala New Revised Version)

“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක. “නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න. මන්ද, නුඹේ සීමා වමටත් දකුණටත් පැතිරී යනු ඇත. නුඹේ දරු පරපුර ජාතීන්ගේ දේශ හිමි කරගෙන පාළු වී ඇති නගර වැසියන්ගෙන් පුරවනු ඇත. බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය. නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය. ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක: “මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි. ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි. එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.” නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි. කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”

බෙදාගන්න
යෙසායා 54 NRSV

යෙසායා 54:1-10 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 54 SNRV

යෙසායා 54:1-10 NIV (New International Version)

“Sing, barren woman, you who never bore a child; burst into song, shout for joy, you who were never in labor; because more are the children of the desolate woman than of her who has a husband,” says the LORD. “Enlarge the place of your tent, stretch your tent curtains wide, do not hold back; lengthen your cords, strengthen your stakes. For you will spread out to the right and to the left; your descendants will dispossess nations and settle in their desolate cities. “Do not be afraid; you will not be put to shame. Do not fear disgrace; you will not be humiliated. You will forget the shame of your youth and remember no more the reproach of your widowhood. For your Maker is your husband— the LORD Almighty is his name— the Holy One of Israel is your Redeemer; he is called the God of all the earth. The LORD will call you back as if you were a wife deserted and distressed in spirit— a wife who married young, only to be rejected,” says your God. “For a brief moment I abandoned you, but with deep compassion I will bring you back. In a surge of anger I hid my face from you for a moment, but with everlasting kindness I will have compassion on you,” says the LORD your Redeemer. “To me this is like the days of Noah, when I swore that the waters of Noah would never again cover the earth. So now I have sworn not to be angry with you, never to rebuke you again. Though the mountains be shaken and the hills be removed, yet my unfailing love for you will not be shaken nor my covenant of peace be removed,” says the LORD, who has compassion on you.

බෙදාගන්න
යෙසායා 54 NIV