යෙසායා 53:2-5
යෙසායා 53:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද එතුමන් උන්වහන්සේ ඉදිරියේ ළා පැළයක් සේ, වියළි පොළොවෙන් මතුවන මුලක් සේ වැඩුණේ ය. එතුමන් දෙස බලන්නට තරම් රූපයක් හෝ තේජසක් හෝ අපට ප්‍රියවඩන කිසිවක් එතුමන්ගේ පෙනුමෙහි තිබුණේ නැත. මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු. සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය. එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු.
යෙසායා 53:2-5 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද උන්වහන්සේ ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.
යෙසායා 53:2-5 Sinhala New Revised Version (NRSV)
මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත; මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය; දරාගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.
යෙසායා 53:2-5 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 53:2-5 New International Version (NIV)
He grew up before him like a tender shoot, and like a root out of dry ground. He had no beauty or majesty to attract us to him, nothing in his appearance that we should desire him. He was despised and rejected by mankind, a man of suffering, and familiar with pain. Like one from whom people hide their faces he was despised, and we held him in low esteem. Surely he took up our pain and bore our suffering, yet we considered him punished by God, stricken by him, and afflicted. But he was pierced for our transgressions, he was crushed for our iniquities; the punishment that brought us peace was on him, and by his wounds we are healed.