යෙසායා 53:10-12 - Compare All Versions

යෙසායා 53:10-12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය. එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල, එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී; ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය. තම ජීවයේ කටුක වේදනාවෙන් ලද දෑ දැක, එතුමන් තෘප්තිමත් වන්නේ ය. මගේ ධර්මිෂ්ඨ තැනැත්තාණන්, මගේ සේවකයා, ස්වකීය දැනගැන්මෙන් බොහෝ දෙනකු ධර්මිෂ්ඨ කරනු ඇත. ඔවුන්ගේ අයුතුකම් තමන් පිට දරා ගනු ඇත. එබැවින් ශ්‍රේෂ්ඨයින් අතරෙහි කොටසක් මම ඔහුට බෙදා වෙන් කර දෙමි. බලවතුන් සමඟ එතුමා කොල්ලය බෙදා ගනු ඇත. මන්ද මරණය දක්වා ම, එතුමන් තම ජීවිතය වැගිර වූ බැවිනි; අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ බැවිනි. මන්ද බොහෝ දෙනකුගේ පාප දරාගත් එතුමෝ, අපරාධකරුවන් උදෙසා මැදහත්කමක් කළ සේක.

බෙදාගන්න
යෙසායා 53 SCV

යෙසායා 53:10-12 SROV (Sinhala Revised Old Version)

එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය. උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත. එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.

බෙදාගන්න
යෙසායා 53 SROV

යෙසායා 53:10-12 NRSV (Sinhala New Revised Version)

එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ. එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත. එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි. එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ. මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.

බෙදාගන්න
යෙසායා 53 NRSV

යෙසායා 53:10-12 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ. එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත. එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි. එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ. මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.

බෙදාගන්න
යෙසායා 53 SNRV

යෙසායා 53:10-12 NIV (New International Version)

Yet it was the LORD’s will to crush him and cause him to suffer, and though the LORD makes his life an offering for sin, he will see his offspring and prolong his days, and the will of the LORD will prosper in his hand. After he has suffered, he will see the light of life and be satisfied; by his knowledge my righteous servant will justify many, and he will bear their iniquities. Therefore I will give him a portion among the great, and he will divide the spoils with the strong, because he poured out his life unto death, and was numbered with the transgressors. For he bore the sin of many, and made intercession for the transgressors.

බෙදාගන්න
යෙසායා 53 NIV