යෙසායා 51:7-11 - Compare All Versions

යෙසායා 51:7-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ධර්මිෂ්ඨකම දන්නා-හඳුනන, තම හදවත්හි මගේ ව්‍යවස්ථාව ඇති ජනයිනි, මට සවන් දෙන්න: මිනිසුන්ගේ අවලාදවලට භය නො වන්න. ඔවුන්ගේ පරිභවවලින් තැති නො ගන්න. මන්ද කාවුන්, ඇඳුමක් සේ ඔවුන් කා දමනු ඇත; තවද පණුවන්, ලොම් සේ ඔවුන් කා දමනු ඇත. එහෙත් මගේ ධර්මිෂ්ඨකම සදහට පවතී. මගේ ගැලවීම සියලු පරම්පරාවලට ය.” ස්වාමින්වහන්සේගේ හස්තය, පිබිදෙන්න! පිබිදෙන්න! සවියෙන් සැරසෙන්න! යටගිය දවස්හි දී මෙන්, ඉපැරණි පරම්පරාහි දී මෙන් පිබිදෙන්න. කැබලිවලට රහබ් කපා දැමුවේ, දැවැන්ත මකරාට ඇන්නේ ඔබ නො වේ ද? මහත් ගැඹුරේ ජලය හින්දවූයේත්, මුහුද වියළවා හැරියේත්, මුදා ගනු ලැබූවන්ට එතෙර විය හැකි වන පරිදි, මුහුදු පත්ලෙහි මාවතක් තැනුවේත් ඔබ ම නො වේ ද? ස්වාමින්වහන්සේ වන්දි ගෙවා, නිදහස් කර ගනු ලැබුවෝ, ආපසු එති. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.

බෙදාගන්න
යෙසායා 51 SCV

යෙසායා 51:7-11 SROV (Sinhala Revised Old Version)

ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න. මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය. එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද? මහ ගැඹුරේ ජලය වන මුහුද හින්දවා, මිදුණු අයට එතරවීමට මුහුදේ ගැඹුරු මාර්ගයක් කළේ නුඹ නොවේද? ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

බෙදාගන්න
යෙසායා 51 SROV

යෙසායා 51:7-11 NRSV (Sinhala New Revised Version)

දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න. කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.” සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද? ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද? සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය. ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය. දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.

බෙදාගන්න
යෙසායා 51 NRSV

යෙසායා 51:7-11 SNRV (Sinhala New Revised Version 2018)

දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපනත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න. කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.” සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද? ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද? සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය. ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය. දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.

බෙදාගන්න
යෙසායා 51 SNRV

යෙසායා 51:7-11 NIV (New International Version)

“Hear me, you who know what is right, you people who have taken my instruction to heart: Do not fear the reproach of mere mortals or be terrified by their insults. For the moth will eat them up like a garment; the worm will devour them like wool. But my righteousness will last forever, my salvation through all generations.” Awake, awake, arm of the LORD, clothe yourself with strength! Awake, as in days gone by, as in generations of old. Was it not you who cut Rahab to pieces, who pierced that monster through? Was it not you who dried up the sea, the waters of the great deep, who made a road in the depths of the sea so that the redeemed might cross over? Those the LORD has rescued will return. They will enter Zion with singing; everlasting joy will crown their heads. Gladness and joy will overtake them, and sorrow and sighing will flee away.

බෙදාගන්න
යෙසායා 51 NIV