යෙසායා 51:7-11
යෙසායා 51:7-11 SCV
“ධර්මිෂ්ඨකම දන්නා-හඳුනන, තම හදවත්හි මගේ ව්‍යවස්ථාව ඇති ජනයිනි, මට සවන් දෙන්න: මිනිසුන්ගේ අවලාදවලට භය නො වන්න. ඔවුන්ගේ පරිභවවලින් තැති නො ගන්න. මන්ද කාවුන්, ඇඳුමක් සේ ඔවුන් කා දමනු ඇත; තවද පණුවන්, ලොම් සේ ඔවුන් කා දමනු ඇත. එහෙත් මගේ ධර්මිෂ්ඨකම සදහට පවතී. මගේ ගැලවීම සියලු පරම්පරාවලට ය.” ස්වාමින්වහන්සේගේ හස්තය, පිබිදෙන්න! පිබිදෙන්න! සවියෙන් සැරසෙන්න! යටගිය දවස්හි දී මෙන්, ඉපැරණි පරම්පරාහි දී මෙන් පිබිදෙන්න. කැබලිවලට රහබ් කපා දැමුවේ, දැවැන්ත මකරාට ඇන්නේ ඔබ නො වේ ද? මහත් ගැඹුරේ ජලය හින්දවූයේත්, මුහුද වියළවා හැරියේත්, මුදා ගනු ලැබූවන්ට එතෙර විය හැකි වන පරිදි, මුහුදු පත්ලෙහි මාවතක් තැනුවේත් ඔබ ම නො වේ ද? ස්වාමින්වහන්සේ වන්දි ගෙවා, නිදහස් කර ගනු ලැබුවෝ, ආපසු එති. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.

