යෙසායා 51:17-23 - Compare All Versions

යෙසායා 51:17-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ ම පුබුදුවාගන්න! ඔබ ම පුබුදුවාගන්න! නැගී සිටින්න. එම්බා යෙරුසලම, ස්වාමින්වහන්සේ අතින්, උන්වහන්සේගේ උදහසේ කුසලානෙන් පානය කළ ඔබ, වැනි වැනී යන කුසලාන වන, එහි අඩියේ මණ්ඩි ටිකත් පානය කර ඇත. ඇය බිහි කළ පුතුන් හැම අතරින්, ඇයට මග පෙන්වන්නට එකකුදු නැත. ඇතිදැඩි කළ සියලු පුතුන් අතුරින්, ඇගේ අත අල්ලාගෙන යන්නට එකෙකුදු නැත. මෙම ව්‍යසන දෙක ඔබ පිට පතිත ව ඇත. කවරකුට ඔබ සැනසිය හැක්කේ ද? වැනසීම, විනාශය, සාගතය හා කඩු පහර යන මේවායින් මම කෙලෙස ඔබ අස්වසම් ද? ඔබේ පුතුන් ක්ලාන්ත වී ඇත. දැලකට හසු වූ මුවකු පරිද්දෙන්, හැම වීදියක් ඉද්දර ම ඔවුහු ලැග සිටිති. ස්වාමින්වහන්සේගේ උදහසින්, ඔබේ දෙවියන්වහන්සේගේ තරවටුවෙන් ඔවුහු පුරවනු ලැබ සිටිති. එබැවින් පීඩිතය, මීට සවන් දෙන්න. ඔබ සිටින්නේ මත් වෙලා ය. එහෙත් මිදි යුෂවලින් නො වේ. තම ජනයා ගැන කරුණු කියන්නා වූ, ඔබේ දෙවියන්වහන්සේ වන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මෙන්න! වැනි වැනී යන්නට සිදු වූ මගේ උදහසේ පාත්‍රය ඔබේ අතින් මම ගත්තෙමි. මගේ උදහසේ පාත්‍රයෙන් ආයෙත් ඔබ බොන්නේ නැත. ඔබට වධ වේදනා පැමිණවුන් අතට මම එය පත් කරමි. ‘නුඹ පාගා ගෙන යන්නට අපට හැකි වන පිණිස, මුණින් තලා වී බිම දිගා වන්නැ’ යි ඔවුහු ඔබට කීහ. ඇවිදින්නට වීදියක් බඳුව ඔබත්, ඔබේ පිට, පාදිකාවක් කළේ ය.”

බෙදාගන්න
යෙසායා 51 SCV

යෙසායා 51:17-23 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න. ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත. මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද? නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති. එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසන්න. නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය. නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.

බෙදාගන්න
යෙසායා 51 SROV

යෙසායා 51:17-23 NRSV (Sinhala New Revised Version)

එම්බා ජෙරුසලම පිබිදෙන්න. පිබිදෙන්න. නැඟිට සිටින්න. සමිඳුන් සිය උදහසින් නුඹලාට බොන්න දුන් කෝපය නමැති කුසලානේ අඩියට ම උරා බීමෙන් නුඹ වැනෙන්න වූයෙහි ය. නුඹේ සෙනඟ අතරෙන්, නුඹ ඇතිදැඩි කළ නුඹේ ම පුත්‍රයන් අතරෙන් නුඹේ අත අල්ලාගෙන නුඹට මඟපෙන්වන්නට කිසිවෙක් නැත. නුඹ පිට ආපදාවක් දෙකක් පැමිණ ඇත. එනම්, පාළුව හා විනාශයත්, සාගතය හා යුද්ධයත් ය. නුඹ සනසන්නේ කවරෙක් ද? නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති. එබැවින් මත්පැනින් මත් වූ අය මෙන් වැනෙන දුක් විඳින ජෙරුසලම් ජනයෙනි, මෙය අසන්න. නුඹලාගේ දෙවි සමිඳාණෝ නුඹලා ආරක්ෂා කරන සේක. එතුමාණෝ මෙසේ වදාරන සේක: “මාගේ උදහසින් නුඹලාට බොන්න දුන් මාගේ කුසලාන නුඹලා අතින් ඉවත් කරන්නෙමි. මින්පසු නුඹලා වැනෙන පමණට මාගේ කෝපය නමැති කුසලානෙන් නොබොන්නහු ය. ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”

බෙදාගන්න
යෙසායා 51 NRSV

යෙසායා 51:17-23 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 51 SNRV

යෙසායා 51:17-23 NIV (New International Version)

Awake, awake! Rise up, Jerusalem, you who have drunk from the hand of the LORD the cup of his wrath, you who have drained to its dregs the goblet that makes people stagger. Among all the children she bore there was none to guide her; among all the children she reared there was none to take her by the hand. These double calamities have come upon you— who can comfort you?— ruin and destruction, famine and sword— who can console you? Your children have fainted; they lie at every street corner, like antelope caught in a net. They are filled with the wrath of the LORD, with the rebuke of your God. Therefore hear this, you afflicted one, made drunk, but not with wine. This is what your Sovereign LORD says, your God, who defends his people: “See, I have taken out of your hand the cup that made you stagger; from that cup, the goblet of my wrath, you will never drink again. I will put it into the hands of your tormentors, who said to you, ‘Fall prostrate that we may walk on you.’ And you made your back like the ground, like a street to be walked on.”

බෙදාගන්න
යෙසායා 51 NIV