යෙසායා 50:1-3 - Compare All Versions
යෙසායා 50:1-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මවිසින් ඔබේ මව පිට මං කරමින් දුන්, ඇගේ දික්කසාද සහතිකය කොහේ ද? නැතහොත්, මා ඔබ විකුණා දැමුවේ, මගේ ණය හිමියන්ගෙන් කවරකුට ද? ඇත්තෙන් ම, ඔබ විකුණනු ලැබුවේ, ඔබේ අයුතුකම් නිසා ය; ඔබේ මව ඉවත පලවා හරිනු ලැබුවේ, ඔබේ අපරාධ නිසා ය. මා ආ කල, කිසි මිනිසකු එහි නො සිටියේ මන්ද? මා ඇමතූ කල, පිළිතුරු දෙන්නට කිසිවකු එහි නො සිටියේ මන්ද? මුදන්නට බැරි ලෙස මගේ හස්තය කෙටි වෙලා ද? නැතහොත් ගලවන්නට මට බලය නැද්ද? ඔන්න! මගේ තරවටුවකින් මම මුහුද හින්දවමි. ගංගා, මම කාන්තාර බවට හරවන්නෙමි. වතුර හිඟකමින්, එහි මසුන් ගඳ ගසා, පිපාසයෙන් මැරී යයි. මම අහසට අන්ධකාරය අඳවා, ගෝණි රෙදි එහි වැස්ම කරන්නෙමි.”
යෙසායා 50:1-3 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය. මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත. මම අහසට කළුවර අඳවා එය ගෝණි රෙදිවලින් වසන්නෙමි.
යෙසායා 50:1-3 NRSV (Sinhala New Revised Version)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය. ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත. මම අහස අඳුරු කරන්නෙමි. එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”
යෙසායා 50:1-3 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 50:1-3 NIV (New International Version)
This is what the LORD says: “Where is your mother’s certificate of divorce with which I sent her away? Or to which of my creditors did I sell you? Because of your sins you were sold; because of your transgressions your mother was sent away. When I came, why was there no one? When I called, why was there no one to answer? Was my arm too short to deliver you? Do I lack the strength to rescue you? By a mere rebuke I dry up the sea, I turn rivers into a desert; their fish rot for lack of water and die of thirst. I clothe the heavens with darkness and make sackcloth its covering.”