යෙසායා 50:1-3
යෙසායා 50:1-3 SCV
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මවිසින් ඔබේ මව පිට මං කරමින් දුන්, ඇගේ දික්කසාද සහතිකය කොහේ ද? නැතහොත්, මා ඔබ විකුණා දැමුවේ, මගේ ණය හිමියන්ගෙන් කවරකුට ද? ඇත්තෙන් ම, ඔබ විකුණනු ලැබුවේ, ඔබේ අයුතුකම් නිසා ය; ඔබේ මව ඉවත පලවා හරිනු ලැබුවේ, ඔබේ අපරාධ නිසා ය. මා ආ කල, කිසි මිනිසකු එහි නො සිටියේ මන්ද? මා ඇමතූ කල, පිළිතුරු දෙන්නට කිසිවකු එහි නො සිටියේ මන්ද? මුදන්නට බැරි ලෙස මගේ හස්තය කෙටි වෙලා ද? නැතහොත් ගලවන්නට මට බලය නැද්ද? ඔන්න! මගේ තරවටුවකින් මම මුහුද හින්දවමි. ගංගා, මම කාන්තාර බවට හරවන්නෙමි. වතුර හිඟකමින්, එහි මසුන් ගඳ ගසා, පිපාසයෙන් මැරී යයි. මම අහසට අන්ධකාරය අඳවා, ගෝණි රෙදි එහි වැස්ම කරන්නෙමි.”

