යෙසායා 49:6-7
යෙසායා 49:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මෙසේ කියන සේක: “යාකොබ් ගෝත්‍ර වංශ යළි නගා සිටුවීමටත්, මවිසින් ආරක්ෂා කරන ලද ඉශ්‍රායෙල්වරුන් ආපසු ගෙන ඒමටත්, මගේ සේවකයා වීම ඔබට ඉතා සුළු කරුණෙකි. පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.” ඉශ්‍රායෙල්ගේ මිදුම්කරුවාණන් ද ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නේ, තම ජාතිය විසින් ගර්හා කොට, පිළිකුල් කරන ලද්දාවූත්, පාලකයින්ගේ සේවකයා වූත් තැනැත්තාට ය: “රජවරුන් දැක, නැගිට සිටිනු ඇත. අධිපතීන් ද දැක, වැඳ වැටෙනු ඇත. මන්ද ඔබ තෝරා ගෙන ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වූ විශ්වසනීය ස්වාමින්වහන්සේ වන බැවිනි.”
යෙසායා 49:6-7 Sinhala Revised Old Version (SROV)
එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක. ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.
යෙසායා 49:6-7 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.” ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”
යෙසායා 49:6-7 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 49:6-7 New International Version (NIV)
he says: “It is too small a thing for you to be my servant to restore the tribes of Jacob and bring back those of Israel I have kept. I will also make you a light for the Gentiles, that my salvation may reach to the ends of the earth.” This is what the LORD says— the Redeemer and Holy One of Israel— to him who was despised and abhorred by the nation, to the servant of rulers: “Kings will see you and stand up, princes will see and bow down, because of the LORD, who is faithful, the Holy One of Israel, who has chosen you.”